අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්‍යේෂණ ආයතනය කෝප් කාරක සභාව හමුවට.

    ජනවාරි 26, 2021

    පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්‍යේෂණ ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවනු ලැබිණ.

    කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් සභභාගී වූහ.

    ඊට අමතරව රාජ්‍ය නිලධාරිහූ 40 කට ආසන්න පිරිසක් zoom තාක්ෂණය ඔස්සේ මෙම කාරක සභාවට සම්බන්ධවීම විශේෂත්වයක් වූහ.
    මෙම ආයතන 03 හි පවතින තනතුරු පුරප්පාඩු , පොල් කර්මාන්තයට අදාළ සහන ලබාදීම, පොල් ආශ්‍රිත නිශ්පාදන ලෝක වෙළෙඳ පොළේ ප්‍රවර්ධනය කිරීම, පොල් වගාකිරීමේ මණ්ඩලයයේ ව්‍යාපෘතියක් වන “පාසිකුඩා පොල් උයන” , මීගමුව බීජ ඒකකයට නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, “වැවිලි සවිය ශ්‍රමික බලකා ව්‍යාපෘතිය”, පොල් මඳ ආශ්‍රිත
    නිශ්පාදනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම ,පොල් සංවර්ධන අධිකාරිය සිය ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ස්ටිකර් මුද්‍රණය කිරීම ,පොල් ඉඩම් කැබිලි කිරීම, “ගස් කපා හෙලීමේ පනත” ,වාර්ෂික පොල් ඵලදාව සම්බන්ධයෙන් වන දත්ත පද්ධතිය, පොල් වගාව ආශ්‍රිත “මයිටා” උවදුර මෙන්ම “කුරුමිණි උවදුර පාලනය” වැනි කරුණු පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. මෙම කාරක සභා රැස්වීම පැය 03 කට අධික කාලයක් පැවැත්වුණි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya