අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුමක් - හඳිසි ඇන්ටිජන් පරික්ෂාවන්

    ජනවාරි 24, 2021

    නිරෝධායන රීතීන් අනුගමනය කිරීම සොයා බැලීම හා හදිසි ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අද (24) දින බස්නාහිර පළාත් තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි

    මෙහිදී රාජ්‍ය මෙන් ම පෞද්ගලික ආයතන නිරෝධායන ක්‍රමවේද අනුගමනය කිරීම පරික්ෂා කෙරෙන අතර බස්නාහිර පළාතේ හඳිසි ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කෙරෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

    තවද මාළු වෙළඳ සැල්, මාළු ලෑලි, එළවළු වෙලඳ සැල්, විවෘත අලෙවිසැල් ද පරික්ෂා කෙරෙන අතර බස්නාහිර පළාතෙන් පිටවන බස් රථ සඳහා ද ඇන්ටිජන් පරික්ෂා කිරීම සිදු කෙරේ.
    ශ්‍රී ලංකා පොලීසිය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම මෙහෙයුම් සඳහා දායක වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya