අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිලිපීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනයට පියවර

    ජනවාරි 24, 2021

    පිලිපීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනයට දෙරටේ විදේශ අමාත්‍යවරු එකඟ වෙති

    පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික, දේශපාලන, සමාජයීය හා ජාත්‍යන්තර සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා නව ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කිරිමට දෙරටේ විදේශ අමාත්‍යවරුන් එකඟ වී ඇත. පිලිපීනය හා ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සදහා හැට වසරක් සපිරීම නිමිත්තෙන් පිලිපීන රජයට සුබ පැතිම සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිලිපීන විදේශ අමාත්‍ය (ලේකම්) ටිඕඩෝරෝ එල්. ලුක්ෂින් (Teodoro L. Locsin) මහතා සමඟ පැවැති දුරකථන සංවාදයකදී මෙම එකඟතාව ඇති කර ගෙන තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති කාර්යාලයක් ආරම්භ කිරිමටත් දෙරට අතර ගුවන් ගමන් ආරම්භ කිරිම පිළිබඳවත් මෙම දුරකථන සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම අවධානය යොමුව ඇත.

    විදේශ රටවල රැකියා හා ශ්‍රමිකයන් සදහා වැඩි අවස්ථා ලබා ගැනීම පිළිබඳව පිලිපීනයේ අත්දැකීම් බෙදා ගැනීමට ද ඒ සඳහා ඇති ක්‍රමවේදයන් හඳුනාගෙන ඊට ශ්‍රී ලංකාවට සහාය දීමට ද මෙහිදී පිලිපීන විදේශ අමාත්‍යවරයා එකඟ වි ඇත.

    නිෂ්පාදන හා සේවා අංශවලදී සහයෝගගීව කටයුතු කිරිමටත් දෙරටේ කර්මාන්ත හා වාණිජ මණ්ඩල අතර අදහස් හුවමාරු කර ගැනිමට වැඩි ඉඩ ප්‍රස්ථා සලසා දීමටත් මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවයේම එකඟතාව පළ වී ඇත.

     

    ශ්‍රී ලංකාව සමඟ මිතුරු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගනිමින් ඉකුත් හැට වසරක කාලය තුල පිලිපීනය ලබා දුන් සහයෝගය පිළිබදව ශ්‍රී ලංකා රජයේ කෘතඥතාවය පිරිතමන බව මෙහිදී අමාත්‍ය ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

     

    විදේශ අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya