අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සිය දේශ සීමා විවෘත කළේ බොහෝ අදහස් විමසීමෙන් පසුවයි - ඇමති දිනේෂ් ගුණවර්ධන

    ජනවාරි 23, 2021

    සිය ආර්ථිකයන්හි වැඩි කොටසක් සංචාරක කර්මාන්තය මත රඳා පවතින බවත් ඒ අනුව, මෙම කර්මාන්තයට සම්බන්ධ රටවල්වල සියලු දෙනාගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා රජයන් මත පැටවී ඇති බර පිළිබඳව අවබෝධ කර ගන්නා බවත්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    සාමූහිකව විසඳුම් සෙවීමේ දී සියලු රාජ්‍යයන් සමඟ විනිවිදභාවයෙන් යුතුව සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා එකිනෙක රාජ්‍ය වෙත සහයෝගය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. “නව සාමාන්‍යය සහ සුරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න සංචාරක ව්‍යාපාරය” යන තේමාව යටතේ 2021 ජනවාරි 21 වැනි දින පැවති ආසියානු සහයෝගීතා සංවාදයේ (ACD) 17 වැනි අමාත්‍ය රැස්වීමේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

    සිය පුරවැසියන්ගේ මෙන්ම, මෙරටට පැමිණෙන අමුත්තන්ගේ ද ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය අතිශයින්ම වැදගත් වන අතර, ශ්‍රී ලංකාව සිය දේශසීමා විවෘත කළේ බොහෝ අදහස් විමසීමෙන් පසු, විශිෂ්ඨ පරිචයන් අනුගමනය කරමින් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ශ්‍රී ලංකාව ආසියාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, මිත්‍රශීලී හා නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් කෙරෙහි අවධානය යොමු කරන බවයි.

    විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන පිළිබඳ කුළුණේ සම-මූලාරම්භකයෙකු ලෙස, 2030 න්‍යාය පත්‍රයට දායක වීම සඳහා විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් මඟින් කළ හැකි පරිවර්තනීය බලපෑම පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් වී ඇති අතර, මෙම වසංගතය මඟින් මානව ක්‍රියාකාරකම්වල සියලු අංශයන්හි ඇති කරන ලද බාධාවන්ට අනුවර්තනය වීමේ අපේක්ෂාවෙන් යුතුව 2020 ආරම්භයේ සිට ලෝකය “නව සාමාන්‍යය” විවිධ අන්දමින් පිළිගැනීමත් සමඟ මෙම කුළුණේ වැදගත්කම මැනවින් විදහා දැක්වුණු බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පැවසීය. මෙය ගෝලීය ගැටළුවක් බැවින් සාමූහිකව යථා තත්ත්වයට පත්වීම සඳහා දැනුම බෙදා ගැනීමේ වේදිකා නිර්මාණය කරමින්, සියලුම සාමාජික රටවල් මෙම වැදගත් කුළුණ සඳහා වැඩි ආයෝජනයක් කළ යුතු බව එතුමා අවධාරණය කළේය.

    ආසියානු සහයෝගීතා සංවාදයේ අමාත්‍ය රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්වීම සඳහා සත්කාරකත්වය සැපයීම පිළිබඳව තුර්කි ජනරජයේ රජයට ප්‍රශංසා කරමින්, කලාපයේ සියල්ල ඇතුළත් වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයට අනුකූලව, ආසියානු සහයෝගීතා සංවාදයේ අභිලාෂිත වැඩ සැලැස්ම සඳහා ශ්‍රී ලංකාව ඇපකැපවී සිටින බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේය.

    2021 ජනවාරි 20 වැනි දින පැවති ආසියානු සහයෝගීතා සංවාදයේ රැස්වීමට සමගාමීව, ආසියානු සහයෝගීතා සංවාදයේ සාමාජික රටවල වාණිජ හා කර්මාන්ත මණ්ඩලවල පළමු සමුළුව අන්තර්ජාලය හරහා පැවැත්වීම සඳහා තුර්කිය ගත් පියවර ද එතුමා ඇගයීමට ලක් කළේය. වෙළඳාම ඉහළ නැංවීම සහ සැපයුම් දාමයන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද මෙම සමුළුවට සහභාගී වූහ.

    සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරමින්, වසංගතයේ අහිතකර බලපෑම් අවම කිරීම හා ප්‍රතිසාධන ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම රැස්වීමේ දී අන්කාරා ප්‍රකාශය සම්මත කර ගන්නා ලදී. ගෝලීය වශයෙන් සංචාරක සීමා කිරීම් හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වී සිටින සේවා අංශයට සහන ලබා දීම සඳහා, ශ්‍රී ලංකා රජය විශේෂ විධිවිධාන සලසා ඇති බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේය. සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකාව ප්‍රවේශම් සහගතව ක්‍රමයෙන් විවෘත කිරීම සඳහා ධනාත්මක ලෙස පියවර ගත්තේය.

    ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ අතිරේක ලේකම් පී. එම්. අම්සා මහතා විසින් මෙහෙයවන ලද අතර ආර්ථික කටයුතු (බහු පාර්ශ්වික) වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අංසුල් ජාන් මහත්මිය සහ ආර්ථික කටයුතු අංශයේ සංවර්ධන නිලධාරි ඉනෝකා ධර්මදාස මහත්මිය ද මෙම රැස්වීම්වලට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya