අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු හා උතුරුමැද පළාත් ජනතාවගේ පානීය සහ වාරිජල අර්බුදයට කඩිනම් විසදුම්

    ජනවාරි 22, 2021

    පුරා දශක 8 කට ආසන්න කාලයක් මුළුල්ලේම උතුරුමැද සහ උතුරු පළාත් ජනතාවගේ බරපතම ගැටලුවක් මෙන්ම ප්‍රබලම ඉල්ලීමක් වූ පානීය සහ වාරි ජලය පිළිබඳව වූ අර්බුදය නිමාවක් දැකීමේ ඓතිහාසික කාර්යභාරය ඇරඹීමේ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවට ඊයේ දින (21) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහභාගී විය.


    උතුරුමැද හා උතුරු පළාතේ වාරි ජල අවශ්‍යතාවය සපුරාලීමත් අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතා ද සපුරමින් රුපියල් මිලියන 78,000 ක් ආයෝජනය කරමින් සමස්ථ කෘෂි බිම් හෙක්ටයාර 75,000 ක් පමණ සරුසාර කරමින් ග්‍රාමීය වැව් 1500 ක් පමණ සවිබල ගන්වමින් මිලියන 1.5 ක පමණ ජනතාවගේ වාරි සහ පානීය ජල අවශ්‍යතාවයන් මුළුමනින්ම සපුරාලන උතුරුමැද පළාත් මහ ඇලේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන පෙබරවාරි 05 දින සුබ මොහොතින් ආරම්භ කෙරෙන අතර, එසේ ඉදිකිරීම් සිදුවන ව්‍යාපෘති භූමිභාගය මෙන්ම සමාරම්භක වැඩසටහන පිළිබඳව තීන්දු තීරණ ගැනීම ද ඊයේ දින වාරිමාර්ග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    සෞභාග්‍යයේ දැක්ම මගින් ලාංකේය ජාතිය හමුවේ තබන ලද තිරසර වාරි-කෘෂි සංවර්ධන අපේක්ෂාවන් මුදුන්පත් කරන, වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන වාරි සෞභාග්‍යයා ග්‍රාමීය වැව් අමුණු හා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම ද මීට සමගාමීව එදින සිදුවන අතර, ඊයේ දින නිරීක්ෂණය චාරිකාව සදහා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන, මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇතුළු මහජන නියෝජිතයන් ද වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහ ගොවි ප්‍රජා සංවිධාන නියෝජිතයන් ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya