මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් හා සංචාර සඳහා පිටවන්නන් වෙනුවෙන් විශේෂයෙන් වෙන්කල ස්ථානයක්

    ජනවාරි 22, 2021

    විදේශ රැකියා සඳහා පිටවන ශ්‍රමිකයින් හා සංචාර සඳහා පිටවන්නන් වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂයෙන් වෙන්කල ස්ථානයකින් ඇතුල් වීමේ පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

    “ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන් - විදේශ රැකියා හා සංචාරක ” යනුවෙන් නම්කොට ඇති එම ස්ථානය අද දින සිට ක්‍රියාත්මක කෙරෙන අතර, එහි ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව කවුළුවක් හරහා දැනුවත් කිරිම හා පරික්ෂාවක් සිදු කිරිමෙන් අනතුරුව විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ප්‍රථමයෙන් හඳුනා ගෙන කඩිනමින් ඔවුන්ගේ කටයුතු, ගුවන් තොටුපල පිටත් වීමේ පර්යන්තයේ පිහිටි කාර්යංශයේ ප්‍රධාන කවුළුවේදී සිදුකෙරේ. මෙහිදී විවිධ වීසා බලපත්‍ර උපයෝගි කර ගෙන රැකියා සඳහා පිටත්ව යන අය හඳුනා ගැනිම පහසු කෙරෙනු ඇත.

    කොවිඩි උවදුර නිසා ගුවන් තොටුපල වසා දැමිමෙන් අනතුරුව ජනවාරි 21 වන දින සිට නැවත විවෘත කල අවස්ථාවේ සිට රැකියා සඳහා විදේශ ගතවන පිරිස් නව සුපරික්ෂණ ක්‍රමයක් යටතේ හදුනාගෙන නීත්‍යානුකූලව විදේශ ගත වීම සඳහා මාර්ගෝපදේශනය හා පහසුකම් සැලසීමේ අරමුනෙන් මෙම නව ක්‍රමයක් දියත් කිරිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම මෙම නව ක්‍රමය දියත් කරයි.

    විදේශ රැකියාලාභින් වෙනුවෙන් ගුවන් තොටුපල පරිශ්‍රයේදි ලබාදිය හැකි පහසුකම් හා සේවාවන් පිලිබඳව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගිකරණ රාඡ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ඉල්ලිම පරිදි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය දිලුම් අමුණුගම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ, ගුවන් තොටුපල හා ගුවන් සේවා සංගමේ සභාපති, මේඡර් ජනරාල් (විශ්‍රාමික) ජි.ඒ චන්ද්‍රසිරි යන මහත්වරුන් හා නිලධාරින් සමඟ මෙහි මූලික සාකච්ඡාව පැවැත්වීමෙන් අනතුරුව මෙම පියවරයන් ගෙන ඇත.

    මේ මඟින් නීතිවිරෝධි. අවිධිමත් ක්‍රම මඟින් ඇතැම් පිරිස් රැකියා අපේක්ෂාවෙන් විදේශ ගත වී, බලාපොරොත්තු වු රැකියාව නොලැබිමෙන් එම රටවලදි සිදුවන අවහිරතා,අසීරුතා, නීතියේ රැහැනට ගොදුරුවීම වළක්වා ගෙන රැකවරණයක් සහිතව විදේශ ගතවීමේ අවස්ථාව උදාකෙරේ.

    මෙයට අමතරව ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි කාර්යංශයේ ප්‍රධාන කවුළුවේදි රැකියා සඳහා නව ලියාපදිංචි කිරිම හෝ ලියාපදිංචිය අලුත් කිරිමේ කටයුතු සිදුකරන තුරු රැදී සිටීමට, විගමනික ශ්‍රමිකයාට හා පවුලේ සාමාඡිකයන්ට විශේෂ ආසන පහසුකම් ද සලසා තිබේ. ගුවන් ටිකට්පත් පරික්ෂා කරන ස්ථාන දෙකක කාර්යංශ කවුළු දෙකක් ද අළුතින් ස්ථානගත කර තිබෙන අතර , එම කවුළු මඟින් රැකියා සඳහා පිටත්වන්නන් ඇතුළු ශ්‍රී ලංකා සංචාරක මගින්ගේ ගමන් බලපත්‍ර ඉලෙක්ට්‍රෝනිකව කියවීමේ යන්ත්‍රය මඟින් පරික්ෂාවට ලක් කෙරේ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya