අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්සර ලුණුගල පවුල් 230 ක් නව තේ වගා අරඹයි

    ජනවාරි 22, 2021

    දීර්ඝ කාලයක් වල්බිහි වී තිබූ තම කුඩා ඉඩම් තේ වගාව සඳහා යොමු කරමින්,ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් දහයක (10) පවුල් දෙසීය තිහක් (230) පමණ සිය ගෙවතු ආශ්‍රිතව නව තේ වගා ආරම්භ කරයි.


    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියයි.

    ජනතාපුර උතුර ,දකුණ හා මධ්‍යම,මැටිගහතැන්න, මඩුවත්ත, මිල්ලබැද්ද, උඩපංගුව, සූරියගොඩ, අරවාකුඹුර සහ අලකොලගල යන ග්‍රාම නිලධාරි වසම් වල මෙම කුඩා තේ වතු සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මෙම වැඩසටහන යටතේ එක් පවුලක් ඉඩම් අක්කර කාලක (4/1) පමණ ප්‍රමාණයක් අලුතින් තේ වගා කෙරෙන අතර, ඒ සඳහා එක් පවුලකට තේ පැළ 1250 ක් පමණ ප්‍රදානය කෙරේ.ලුණුගල මෙම නව තේ වගා ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකරන බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ඌව පළාත් ප්‍රාදේශීය කළමනාකාර නිශාන්ත පුෂ්පකුමාර මහතා පවසයි.

    එසේම මෙම ඉඩම්වල පලදායිතාවය වැඩි කිරීම සදහා තේ සමග වගා කළ හැකි පලතුරු හා සුළු අපනයන බෝග පැල ද (පලතුරු සහ ගම්මිරිස් ) ඊට අතිරේකව ඉදිරි කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි වගාව සකස් කර රැකගැනීම සදහා සවුක්කු පැල ද මෙම නව වගාකරුවන්ට ලබාදෙන බව ද ප්‍රාදේශීය කළමනාකාර නිශාන්ත පුෂ්පකුමාර මහතා පවසයි. මෙම වැඩ සටහන යටතේ 2021 වසරේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තවත් පවුල් 100 ට පමණ කුඩා තේ වතු සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මෙම වැඩ සටහන යටතේ තේ පැල බෙදාදීමේ සමාරම්භක උත්සවය ජනවාරි 23 දා සවස 4 ට ලුණුගල අරවාකුඹුර රජ මහා විහාරයේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya