මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත යුතු ගතහැකි සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර තිබෙනවා.

    ජනවාරි 20, 2021

    සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත යුතු ගතහැකි සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොලින් රටට කොවිඩ් පැතිරයාමේ අවධානමක් නෑ.-  ඇමති ප්‍රසන්න රණතුංග

    සංචාරකයන්ට හෙට සිට රට විවෘත කිරීමේදී කටුනායක හා මත්තල ගුවන්තොටුපොල වල ගත යුතු ගතහැකි සියළු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවධානමක් නොමැති බවයි. මේ
    පිළිබද අනිසි බියක් ඇති කර ගතයුතු නැතැයි ඇමතිවරයා පෙන්වා දෙයි. (21) සිට සංචාරකයන්ට රට විවෘත කිරීමේදී කටුනායක ගුවන්තොටුපොල ක්‍රියාකාරීත්වය පිළිබදව (20) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඇමවරයා මේ බව සදහන් කළේ ය .

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

     සංචාරකයන් පැමිණෙ මත්තල සහ කටුනායක ගුවන්තොටුපොලවල් වල සේවකයන්ට අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමන කරන ලෙස දැඩි ලෙස උපදෙස් දී තිබෙනවා. ගුවන්තොටුපොල කටයුතු හෙට සිට සාමාන්‍ය කරනය වුනත් එය සිදුවන්නේ සේවා අවශ්‍යතාවයන් හදුනා ගනිමින්. මේ සියළුම දෙනාට ආරක්ෂිත ඇදුම් කට්ටල මුඛ ආවණ, අත් ආවහණ සහ දෑත් පිරිසිදු කිරීම අනිවාර්යය කර තිබෙනවා. මෙම සෞඛ්‍ය නීති අනුගමනය නොකරන කිසිවෙකුට හෙට සිට ගුවන්තොටුපොල පරීශ්‍රය තුල කටයුතු කල නොහැකියි. කටුනායක සහ
    මත්තල ගුවන්තොටුපොල පරිශ්‍ර තුල තීරුබදු රහිත සාප්පු, බැංකු සේවාවන් සහ වෙනත් ව්‍යාපාරික කටයුතුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට සිට විවෘත කෙරෙනවා.
    දිවයිනට පැමිණෙන සංචාරකයන් සහ විදසේ ගත ශ්‍රමිකයන් වෙන් වෙන් මාර්ග දෙකක් ඔස්සේයි ගුවන්තොටුපොලෙන් පිටව යන්නේ විදෙස් ගත ශ්‍රමිකයන් සහ සංචාරකයන් අතර සම්බන්ධයක් ඇති වන්නේ නැහැ. සංචාරකයින්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයින්ටත් බෝ නොවීම සදහා අපි සියළුම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුවයි අපි මේ සියළු ක්‍රමවේදයන් හදලා තියෙන්නේ. සංචාරකයෙකු ඒ රටෙන් පිටවෙලා, කටුනායක හරි මත්තල හරි ගුවන්තොටුපොලින් රට ඇතළු වුන පස්සේ ඔහු අනුගමනය කල යුතු ක්‍රමවේදය අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.

    මේ සංචාරක ක්ෂේත්‍රයෙන් මිලියන 03කට ආසන්න පිරිසක් යැපෙනවා. සංචාරක ක්ෂේත්‍රය රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වනවා. මෙය කඩා වැටුනොත් රටේ ආර්ථිකය අවධානමේ. පෙබරවාරි 19වෙනිදා ඉදලා අවුරුද්දකට ආසන්න කාලයක් අපි මේ රට සංචාරකයන්ට වහලා තිබුණා. මත්තල සහ කටුනායක ගුවන්තොටුපොල අපි භාවිතා කලේ
    විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගේන්න විතරයි. අපි 70000කට අධික පිරිසක් දිවයිනට ගෙනල්ල තියෙනවා.

    ප්‍රශ්නය :- ගුවන්තොටුපොල තුල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද?

    පිළිතුර :- අපි උපදෙස් දීලා තියෙනවා ගුවන්තොටුපොල සේවකයන්ට සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න කියලා. සංචාරකයෙක්
    ලංකාවට එන්න ඉස්සෙල්ලා පී.සී.ආර් පරීක්ෂාවකට ලක්වියි යුතුයි. ඔහුට අපේ රටට එන්න පුළුවං කොවිඩ් ආසාධියෙකු නොවන බව තහවුරු වුනොත් පමණයි. අපි ඩියුටි ෆී විවෘත කරලා තිබුනත් මේ ෂොප් වල සේවය කරන අය අනිවාර්යෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කල යුතුයි. ඔවුන් සංචාරකයන් පැමිනෙන විට සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් පැළද සිටීම අනිවාර්යය කර තිබෙනවා. ඒ වගේම මාස්ක් පැළදීම අත් සේදීම අනිවාර්යයි.

    ප්‍රශ්නය :- සංචාරක නියාම වැඩ සටහන පිළිබදව රටේ විවිධ කථාබහ තියෙනවා. නමුත් හෙට (21) ඉදලා ගුවන්තොටුපොල විවෘත කීරම අනතුරු දායක නැද්ද.
    පිළිතුර :- බල්ලො බිරුවට කදුපාත්වෙන්නේ නෑ. විපක්ෂය බලාපොරොත්තු උනේ රටේ සංචාරක පොකුරක් ඇති වෙයි කියලා. මේවනකොට යුක්‍රේණ සංචාරකයන් 1500ක් ඇවිල්ලා තියෙනවා. අලුත්ම වාර්තා අනුව කොවිඩ් ආසාදිතයන් හමුවුනෙ 04 දෙනයි. ඒ 04දෙනා පිළිබදවත් සෞඛ්‍ය උපදෙස් අනුව අවශ්‍ය පියවර ගත්තා. ඒ නිසා විපක්ෂයේ බොරු බිල්ලන් මැව්වාට අපි අපේ ගමන නතර කරන්නේ නහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya