අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු යළි ආරම්භ වෙයි

    ජනවාරි 09, 2021

    කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු යළි ආරම්භ වෙයි.

    කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු අද සිට යලි ආරම්භ කෙරිණි. කොවිඩ් 19 වසංගතය දෙවන වර ඇති වීමත් සමග සමථ මණ්ඩලවල පැමිණිලි විභාග කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස සිට නතර කිරීමට සිදු විය.


    එහෙත් මේ වන විට එම තත්වය පහව යමින් පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු ආරම්භ කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැමිණිලි විභාග කිරීම හා සමථ මණ්ඩල කටයුතු පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබදව දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරින්ට හා දිවයින පුරා සමථ මණ්ඩල සභාපතිවරුන්ට සභිකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දී තිබු අතර ඒ අනුව සෞඛ්‍ය උපදෙස්වලට අනුව සමථ මණ්ඩල කටයුතු සිදු කරන ආකාරය දැක ගත හැකි විය.

    ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව අංක 83 සමථ මුල මණ්ඩලයේ කටයුතු එහි සභාපති පුජ්‍ය පොරමඩලේ අමරසීහ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අරන්දර ප්‍රාථමික විද්‍යාලයේදී සහ අංක 179 කෑගල්ල සමථ මූල මණ්ඩලයේ කටයුතු එහි සභාපති G.R.දෙවිරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී ද සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදු වන ආකාරය දැක ගත හැකි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya