අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 ජාතික සුරක්ෂතතා දිනය අදයි

    දෙසැම්බර් 26, 2020

    2020 ජාතික සුරක්ෂතතා දිනය අදට යෙදී තිබේ.

    2004 වසරේ දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර  තිබේ.

    සුනාමි ව්‍යයසනයෙන් මියගිය සියලු දේශිය සහ විදේශීය ජනතාව සිහිපත් කරමින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජාතික මටටම්න් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මගින් දිස්ත්‍රික් මට්ටමින් ද සර්ව ආගමික වැඩසටහන් පවත්වා ආපදාවලින් මියගිය ජනතාවට පිං පැමිණවීම මෙන්ම ඊට සමගාමීය විවිධ වැඩසටහන් පවත්වමින් ආපදා වලින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂත කිරීමට කටයුතු කරන ලදී. 2020 වර්ෂයේ දී ද රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේසහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් සිදුකර ආපදා වලින් මියගිය ජනතාව පිං පැමිණවිම සිදු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සැලසුම්කර තිබෙන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කෝවිඩ් -19 තත්වය සලකා බලා කොල්ලුපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසයේ වාසය කරන මව්වරුන් හට දානමය කටයුතුත්තක් සිදු කර ආපදාවලින් මිය ගිය ජනතාවට පිං පැමිණවීමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya