අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කවුරු කොහොම මොනවා කියුවත් ගුවන්තොටුපල හා සංචාරකයන් සඳහා රට ක්‍රමානුකූලව විවෘත කරනවා - ඇමති ප්‍රසන්න බෙන්තොට දී කියයි

    දෙසැම්බර් 20, 2020

    කවුරු කොහොම මොනවා කියුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා සංචාරකයන් සඳහා රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු අවධාරණය කලේ මීට අදාල සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි.


    බෙන්තොට සංචාරක කලාපයේ ඉදිකෙරුණු ‘සුලක්නා’ සංචාරක නිකේතනය, දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනය හා ‘සයුර ඉම’ විවේකාංගනය දෙස් විදෙස් සංචාරකයන්ගේ පරිහරණයට පත් කිරීමේ උත්සවයට
    සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය. ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීම සඳහා රජය ගන්නා උත්සහය විපක්ෂය තිගැස්මකට ලක් කර ඇති බවත් මේ නිසා ඔවුන් ජනතාව තුල බොරු බියක් ඇති කරමින් තිබෙන බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග විපක්ෂයට ආණ්ඩුවේ ගමන නතර කල නොහැකි බවද අවධාරණය කලේය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද
    කීවේය.
    ‘’ මාර්තු මාසයේ දී ගුවන්තොටුපල වැහුවාම විපක්ෂය කිව්වේ ගුවන්තොටුපල වහන්න පරක්කු වුනා කියලයි.ඊට පස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එන්න ඉල්ලනකොට ගුවන්තොටුපල විවෘත කරන්න කියලා විපක්ෂය බොරුවට කෑගැහුවා.ආණ්ඩුව විධිමත් විදියට විසේගත ශ්‍රමිකයෝ ගෙන්නගන්න ක්‍රමවේදයක් හදපුවාම ඒ එන අයගෙන් කොවිඩ් ආසාදිතයෝ වාර්තා වෙන්න හම්බුනාම ඔන්න ‘’රටවිරු පොකුරු‘’ හැදෙනවයි කියලා විපක්ෂයෙ උදවිය කිඹුල් කඳුළු හෙලුවා.පහුගිය කාලේ විපක්ෂ නායකතුමා ඇතුළු නඩය පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතදීත් කිව්වේ සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න අය පීඩාවට පත්වෙලා ඉන්නවා කියලයි.අපි ඒ අයටත් සහන සලසලා සංචාරක වයාපාරය නැවත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රමානුකූලව අරඹන්නත්,ගුවන්තොටුපල විවෘත කරන්නත් හදනකොට දැන් කියනවා සංචාරක පොකුරු හැදෙයි.සංචාරකයෝ රටට එන්නේ නෑ කියලා.

    මේ රටේ විපක්ෂයට ඕනෑ රට තුල කොවිඩ් වැඩිවෙනවා දකින්නයි.ගුවන්තොටුපල වහලා සංචාරකයන්ට රට වහලා තවදුරටත් මේ රටේ ආර්ථිකය බිඳ වැටෙනවා දකින්නයි.විපක්ෂයේ සිහින සැබෑ කරන්න ආණ්ඩුවේ අපි සූදානම් නෑ.ඒ නිසා කවුරු කොහොම මොනවා කිව්වත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපලත් රටත් සංචාරකයන්ට ක්‍රමානුකූලව විවෘත කරනවා. සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අපි 26 වෙනිදා සිට අරඹනවා.

    ලබන වසර මැද වනවිට අපි ගුවන්තොටුපල විවෘත කරලා වාණිජ ගුවන්යානා වලට ලංකාවට එන්න ඉඩදෙනවා.අපි මේ කටයුත්ත කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි.රටත් ජනතාවත් අනතුරේ දාන්නේ නෑ.මේ සම්බන්ධයෙන් විපක්ෂය මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා. සංචාරක අමාත්‍යංශය විදියට අපි මේ වනවිට සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.බෙන්තොට සංචාරක කලාපයේ මේ විවේකාංගය හා නව අත්පන්දු ක්‍රීඩාපිටියත් ඉදිකෙරුණේ ඒ අනුවයි. අපි ඉදිරියේදී සියළු අමාත්‍යංශ සමඟ ඒකාබද්ධව මේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ,චන්දිම වීරක්කොඩි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහු මෙහිදී කථා කළහ

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya