අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් සම්බන්ධයෙන් අමෙරිකානු රජයේ ප්‍රසාදය

    දෙසැම්බර් 18, 2020

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස්, දේශපාලන නිලධාරී ජෙෆ්රි චැනින් යන මහත්ම මහත්මීන් සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් (15) පැවැත්විණි.


    බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවැති මෙම හමුවේ දී මූලික අවධානය යොමුවූයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන්, අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නව ආදායම් උත්පාදන
    අවස්ථා ඇතිකිරීම හා ක්ෂුද්‍රමූල්‍ය අංශය පිළිබඳව නව කතිකාවක් ඇති කිරීම සම්බන්ධවයි.

    වත්මන් රජයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ හා එහි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බවත්, ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහය ලබාදීමට ඇමරිකානු රජය සූදානම් බවත් තානාපතිනිය සඳහන් කළාය.
    බොහෝ කුසලතාවන්ගෙන් පිරිපුන් ශ්‍රී ලාංකිකයන්ගේ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් ගෝලීය ආර්ථිකය හමුවේ යම් පසුබෑමකට ලක්ව ඇති බව පෙන්වා දුන් ඔවුන් එම පසුබෑම අවම

    කිරීම සඳහා සන්නිවේදන කුසලතා දියුණු කිරීමේ වැඩසටහන්වලට උපදේශනය සැපයීමට ඔවුන් ඉතා කැමැත්තෙන් සිටින බව වැඩිදුරටත් දැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya