අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට

    දෙසැම්බර් 17, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

    උතුරු මැද නාවික විධානය මගින් 2020 නොවැම්බර් 19, 26 ‍සහ දෙසැම්බර් 01, 07 යන දිනයන්හි මන්නාරම වලෙයිපාඩු, පල්ලිමුනේ සහ සවුත්බාර් යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකල මෙහෙයුම් මගින් බලපත්‍ර රහිතව රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් සහ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 32 ක්, ධීවර යාත්‍රා 08ක්, තහනම් දැල් 08 ක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

    නැගෙනහිර නාවික විධානය මගින් 2020 නොවැම්බර් 12 සහ දෙසැම්බර් 08 හා 10 යන දිනයන්හි නිලාවේලි අඩුක්කුපාඩු, ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් හා ෆවුල් තුඩුව යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සහ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 19 ක්, ධීවර යාත්‍රා 05 ක්, තහනම් දැල් 03 ක් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

    එමෙන්ම, වයඹ නාවික විධානය මගින් 2020 දෙසැම්බර් 07 වන දින පුත්තලම උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ එකම ලියාපදිංචි අංකය සහිත ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර ව්‍යාජ ලියාපදිංචි අංකය සහිත ඩිංගි යාත්‍රාව සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) හා එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදි.

    තවද, උතුරු නාවික විධානය මගින් දෙසැම්බර් 04වන දින ඉලවාලෙයි පොලීසිය හා එක්ව මාදගල්, පන්ඩතිරිප්පු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර රහිතව හක් බෙල්ලන් කවච 3840ක තොගයක් නීති විරෝධි ලෙස තබාගෙන සිටි පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.

    මෙලෙස නාවික හමුදා භාරයට ගත් සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 64 ත් අතර වයසේ පසුවන මන්නාරම, නිලාවේලි, පොඩුවකට්ටු, කුච්චවේලි, කින්නියා, කල්පිටිය සහ ඉලවාලෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, මෙම පුද්ගලයින්, ධීවර යාත්‍රා, තහනම් දැල්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ජයපුරම් සහ ඉලවාලෙයි පොලිස් ස්ථාන වෙතත්, මන්නාරම සහ ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාල වෙත සහ කල්පිටිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya