අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ

    දෙසැම්බර් 17, 2020

    ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය (AOPV Stores and Workshop Complex), නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

    නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ කඩිනමින් ඉදිකිරීම් නිම කල මෙම සේවා සංකීර්ණය, බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සඳහා අවශ්‍ය අමතර කොටස් ගබඩා ඒකකයන්ගෙන්, ඉංජිනේරු හා විදුලි අළුත්වැඩියා සහ නඩත්තු ඒකකයන්ගෙන් සමන්විත වන අතර, එකම ස්ථානයකින් සියලුම සේවාවන් සිදු කර ගැනීමට හැකිවී‌මෙන් එම නෞකා වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මුහුදු ආවේක්ෂන රාජකාරි සඳහා යෙදවීමට හැකියාව ලැබෙනු ඇත.

     

    තවද, මෙම අභිනව ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කඩිනමින් නිමකිරීමට දායක වූ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපති, ඔවුන් වෙත සිය ප්‍රශංසාව පල කර සිටීමටද කටයුතු කරන ලදී.

     

    මෙම විවෘත්ත කිරීමේ අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා, අධ්‍යක්ෂ ‌ඡෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවි රණසිංහමහතා, ධජ නිළධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් වයිඑම්ජීබී ඡයතිලක මහතා, කොමදෝරු අධිකාරී සැපයුම් හා සේවා නැගෙනහිර, කොමදෝරු අධිකාරී තටාකාංගනය, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය අඥාපති ඇතුළු නාවික හමුදා මූලස්ථානයට සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya