කොවිඩ් ආසාදනය රටපුරා පැතිරීම හේතුවෙන් දිවයිනේ තිබෙන පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටළුවකට මුහුණපාමින් සිටියි.
මෙවන් අවදියක දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් ක්‍රමක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතී. පාසල් දරුවන් මුව ආවරණ පැලදීමෙන් ඔවුන්ගේ උෂ්ණත්වය මැන බැලීමත් මෙහිදී ප්‍රධාන ස්ථානයක් ගනී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට නියමිත දුෂ්කර පාසල්වල දරුවන්ගේ
ප්‍රයෝජනය සඳහා ස්වයංක්‍රිය උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ 100 ක් විදුහල්පතිවරුන්ට බෙදාදීම “චන්න ජයසුමන පදනම” විසින් සිදු කරන ලදී.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් එම උෂ්ණත්වමාන විදුහල්පතිවරුන් වෙත බෙදා දෙන ලදී.