අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ''හයිලන්ඩ් එළ'' මේදය අඩු කළ කිරිපිටි වෙළඳ පොළට හඳුන්වා දීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
සෞඛ්‍ය සම්පන්න රටක් නිරෝගිමත් ජනතාවක් ඇති කිරීම සඳහා දේශීය ප්‍රධානතම කිරි ආහාර නිෂ්පාදකයා ලෙස පශුසම්පත් ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මිල්කෝ පුද්ගලික සමාගමට විශාල වගකීමක් පැවරී තිබේ. අද රටේ විශාල ලෙස පවතින බෝනොවන රෝග තත්ත්වයන් අවම කිරීමට මේදය අඩු ආහාර පරිභෝජනය හුරුකිරීමේ අවශ්‍යතාවක් පවතී. සාමාන්‍ය කිරිපිටි තුළ පවතින මේද ප්‍රමාණය දීර්ඝ කාලීනව භාවිතයේදී බෝනොවන රෝග තත්ත්වයන්ට පත්වීමට ඇති හැකියාව ඉහළයි.
ජනතාව මේදය රහිත කිරිපිටි පරිභෝජනයට යොමු වීමට අකමැති වෙන්නේ එහිදී සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පානය කිරීමේ දී කිරීමේ දී අත් විඳි රසය සහ තෘප්තිය එලෙසම ලබාගන්න නොහැකි වීම නිසයි .
මෙම ගැටළුවට සම්පූර්ණයෙන්ම ''හයිලන්ඩ් එළ'' කිරිපිටි හරහා විසඳුම් ලබා දීමට මිල්කෝ පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ. මිල්කෝ පුද්ගලික සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය සිදුකල පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස හදුන්වාදෙන හයිලන්ඩ් නිෂ්පාදනයේ මේද ප්‍රතිශතය අඩු වුව ද රසය කිසිදු වෙනසක් නොවී පවත්වාගැනීමට පියවර ගෙන තිබේ.
සාමාන්‍යයෙන් යොදය සහිත කිරි පිටි කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා දියර කිරි ලීටර 8.5 ක ප්‍රමාණයක් වැය වන අතර හයිලන්ඩ් එළ මේදය අඩු කළ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා දියර කිරි ලීටර් 10 ක ප්‍රමාණයක් වැය කෙරේ.මේ නිසා රසය එක ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
කෙසේවෙතත් මිල වෙනස් නොකර පවත්වාගෙන යාමට ද මිල්කෝ ආයතනය පියවර ගෙන තිබේ. ''හයිලන්ඩ් එළ'' කිරිපිටි වල මේද ප්‍රමාණය අඩු වන අතර ඊට සාපේක්ෂව ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට් , විටමින් සහ ඛනිජ ලවණ වැඩි ප්‍රතිශතයක් අන්තර්ගතයි.
රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ කඩා වැටෙමින් තිබූ මිල්කෝ ආයතනය වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ලාබ ලබන ආයතනයක් බවට පත් කරමින් දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත් කිරි නිෂ්පාදන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යටතේ ජනගත කිරීමටත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක මෙවැනි අවස්ථාවක ජනතාවගේ සෞඛ්‍යය ඉහළ නැංවිය හැකි මේදය අඩු කිරිපිටි වෙළඳ පළට හඳුන්වා දීම තවත් එක් ජයග්‍රාහී පියවරක් බවයි.
අප රටේ විශාල වෙළඳ පළක් කිරිපිටි සඳහා පවතී. වාර්ෂිකව රුපියල් බිලියන 55 ක් ඒ සඳහා වැය කෙරේ . මේ නිසා රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පශු සම්පත් සහ ගොවිපල ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට විශාල ඕනෑ කමක් පවතී. ඒ සඳහා මේ වන විට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක අතර මිල්කෝ ආයතනය හරහා කිරි ගොවීන්ට ඉහළ සහ සාධාරණ මිලක් දියර කිරි සඳහා ලබා දීම සිදු කෙරේ. එසේ ලබා ගන්නා ලබා ගන්නා දියර කිරි සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන ලෙස නැවත ජනගත කිරීම ද සෞඛ්‍ය සම්පන්න රටක් නිර්මාණය කිරීමේ වගකීමේ එක් කාර්යභාරයක් . මිල්කෝ පුද්ගලික සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ සෑම පුද්ගලයන් පස්දෙනකුගෙන් එක් අයෙක් අද වනවිට බෝ නොවන රෝගවලින් පීඩාවට පත්ව සිටින බවයි. එමෙන්ම එසේ පීඩාවට පත්ව, බෝ නොවන රෝගවලින් මියයන පුද්ගලයන්ගෙන් සියයට තිස් හතරක් හෘදයාබාධ වලට ලක්ව ඇති බව ද , සෑම කාන්තාවන් තුන් දෙනෙකු ගෙන් ම එක් අයෙක් ස්ථුලතාවයට පත්ව සිටින බවද සභාපතිවරයා මෙහිදී පැවසීය .
ඒ අනුව මිල්කෝ පුද්ගලික සමාගම හදුන්වාදෙන ''හයිලන්ඩ් එල'' මේදය අඩු කළ කිරි පිටි වල සංතෘප්ත මේදය 13% ක් වන අතර සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල සංතෘප්ත මේදය සියයට 26 කි. හයිලන්ඩ් එළ මේදය අඩු කිරිපිටි පරිභෝජනය තුළින් ශක්තිමත් දත් සහ අස්ථි වර්ධනයට, ගෙවී යන පටක වර්ධනයට හා අලුත්වැඩියාවට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ හා ප්‍රෝටීන අඩංගු කර තිබේ.
එමෙන්ම සෞඛ්‍ය සම්පන්න භාවය රැකගෙන සිරුරේ හැඩයද පවත්වාගෙන යාමට මේ හරහා හැකියාව ලැබේ. දේශීය කිරි ගොවිපලවලින් සපයා ගත් නැවුම් කිරි එසැණින් සකසා පාරිභෝගිකයා අතට පත් කරන බැවින් ''හයිලන්ඩ් එළ''වෙලදපල තුල පවතින නැවුම් කිරිපිටි ලෙස සහතික වීමට පුළුවන. මිල්කෝ පුද්ගලික සමාගම පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස පශු සම්පත් සහ ගොවිපල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ට අනුබද්ධව කටයුතු කරනු ලබයි.
සෞභාග්‍යයෙ දැක්ම රාජ්‍ය සංකල්පය අනුව කිරිවලින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් සැපයීම සහ ශ්‍රී ලාංකීය කිරි ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නංවමින් ගුණාත්මක සහ සෞඛ්‍ය ආරක්ෂිත කිරි ආශ්රිත නිෂ්පාදන විශ්වාසනිය ලෙස පාරිභෝගිකයන්ට ලබා දීම මිල්කෝ සමාගමේ මූලික අරමුණයි.
මේ වන විටත් දේශීය කිරි ගොවීන්ගේ නිෂ්පාදන වැඩි කිරීම සහ ඔවුන්ව මෙම කර්මාන්තයේ රදවාගැනීමට මිල්කෝ සමාගම විශේෂිත වූ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර ඇත.කිරි ගොවීන් සඳහා ඉහළ සහ සාධාරණ මිලක් දියර කිරි සඳහා ලබා දීම, කිරි ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතයේ විවිධ වූ අවස්ථාවන් වලදී කිරි ගොවි සමාජ ආරක්ෂණ අරමුදල යටතේ ප්රතිලාභ ලබා දීම, කිරි ගොවීන්ගේ සැදෑ සමය ගෞරවාන්විතව දිවිගෙවීමට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේශීය කිරි ගොවීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබීම, කිරි ගොවීන් මගින්ම පාලනය වන ස්වයං පාලිත කිරි ගොවි සමිති තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු සැලසුම් කිරීම ඉන් කිහිපයකි.
''හයිලන්ඩ් එළ ''කිරිපිටි වෙළඳපොළට හඳුන්වා දීමේ අවස්ථාව පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවති අතර මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් එස් සේනානායක , මිල්කෝ පුද්ගලික සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ, වැඩබලන අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ , මිල්කො පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී පී අයි ඕ ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ