අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''බුරවි '' සුළි කුණාටුව-  සූදානම කෙලෙස ද?

    දෙසැම්බර් 02, 2020

    අද දින රාත්‍රී කාලයෙහි අප රටට පැමිණීමට නියමිත ''බුරවි'' සුළි කුණාටුව පිළිබදව නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ අතර තවත් හෝරා කිහිපයකින් බුරවි සුළි කුණාටුව අප රටට පැමිණෙතැයි අපේක්ෂා  කෙරෙන බව කාලගුණ අංශ නිවේදනය කරයි.

    මෙම සුළි කුණාටුව මගින් ශ්‍රී ලංකාවට කවර බලපෑමක් ඒල්ල කරාවිද, ඒ සදහා අදාළ පාර්ශව වල සූදානම කෙලෙසද යන කාරණා පිළිබදව දැනුවත් කිරීමට අද (2) දින විශේෂ සාකච්ඡාවක්  රූපවාහිනී නාලිකා කිහිපයක් ඔස්සේ විකාශනය විය.

    මෙම සාකච්ඡාව සදහා ආරක්ෂක ලේකම්, අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සහ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා,  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා  සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සහභාගී වූහ.

    ත්‍රිකුණාමලය සහ මුලතිවු අතර මුලතිවු වලට ආසන්නයෙන් රාත්‍රී 7ත් 10ත් අතර දිවයිනට ඇතුළු වීමට නියමිත බුරවි සුළි කුණාටුව ගොඩබිමට ළගාවීමේදී භ්‍රමණ චලිතයක ආකාරයෙන් ගමන්  කිරීම නිසා මුහුදු ජලය ගොඩබිම කරා ගමන් කිරීමක් සිදුවිය හැකි අතර සුළි කුණාටුවේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවන මෙය සුනාමි තත්ත්වයක් නොවන බවත් ජනතාව ඒ් පිළිබද අනිසි බියක්  ඇතිකර නොගත යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මෙහිදී අවදාරණය කළේය.

    මෙම සුළි කුණාටුව දිවයින තුළට ඇතුළු වන අවස්ථාවේදී මුහුදු රළ මීටරයක් දෙකක් පමණ ඉහළ යාමක් සිදුවිය හැකි අතර 03 වෙනිදා උදෑසන මෙය දිවයිනෙන් පිටතට ඒනම් මන්නාරමට  ඉහලින් අරාබි මුහුදු තීරයට ගමන් ගන්නා බව විශ්ලේෂණ වලින් පෙන්වා දී ඇත. මෙය වෙනත් සුළි කුණාටු වලට වඩා වෙනස් ස්වභාවයක් ගැනීමට හේතු වන්නේ මෙය දිවයින හරහා ගමන්  කිරීම හේතුවෙනි.

    කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම සුළි කුණාටුව නිසා වර්ෂාපතනය වැඩිවීමක් සිදුවිය හැකි අතර සුළගේ වේගය පැයට කිලො මීටර 80ක් 90ක් පමණ වැඩි විය හැකිය. අද  රාත්‍රියේ දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ වැනි පළාත් වල නිරන්තරයෙන් තදවැසි ඇති විමේ හැකියාවක් ඇත. සමහර ස්ථාන වලට මිලි මීටර් 200 ඉක්මවන වර්ෂාපතනයක් ළගාවිය  හැක. වැසි සමග අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් ඇති වනවා මෙන්ම ගස් කොලන් වල අතු කඩා වැටීම්, උස ගොඩනැගිලි වල වහලවල් ගැලවී යාම් ආදියද සිදුවීමේ ප්‍රවණතාවයක් පවතී.

    මෙම බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඒළියට යන විට වක්‍රාකාර ගමන් මාර්ගය නිසා බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ දකුණු පළාත් වලට බලපෑමක් සිදුවිය හැක. ඒම පළාත් වල වැසි තත්ත්වය  වැඩි විය හැකි අතර මිලි මීටර් 100 ඉක්මවන වැසි ඇතිවිය හැක. සුළගේ වේගය පැයට කිලෝ මීටර 60ක් 70ක් විය හැකි අතර දිවයිනේ දකුණු සහ බස්නාහිර වෙරළබඩ තීර පිළිබදව සැලකිලිමත්  වීම වැදගත් වෙයි.

    ආරක්ෂක අමාත්‍යංශයත් ඒ යටතේ ඇති අභ්‍යන්තර, ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශයත් මෙම ආපදා තත්ත්වය හමුවේ ක්‍රියාකාරී ලෙස ඒකිනෙක හා  සම්බන්ධීකරණය වෙමින් ඒක්ව කටයුතු කරන අතරම පෙර සිටම මෙම අවස්ථාව සදහා සූදානමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කළ බව ආරක්ෂකලේකම්තුමන් අවදාරණය කළේය.  ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව පොලීසිය අදී සියලු පාර්ශව සංවිධානය කරගනිමින් ආපදා තත්ත්වයට පෙර සූදානම් වීම මෙහිදී වැදගත් වෙයි.

    මෙම ආපදා තත්ත්වය හමුවේ තොරතුරු යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම මෙන්ම ආපදා සන්නිවේදනය වැදගත් විෂයක් වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා  සිටියේය. මෙම අවස්ථාවේ රජයක් විසින් ගන්නා පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු අතර ඉදිරි පැය කිහිපය පුරා දැනුවත් විය යුතු කණ්ඩායම් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් සහ  ජාතික වශයෙන් ජනතාව දැනුවත් විය යුතු කරුණු ලබාදීමක් සුදුකරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය. මෙහිදී විශේෂයෙන්ම ජනතාව කලබල නොවී තහවුරු  කරන ලද නිල පුවත් පිළිබදව පමණක් අවදානය යොමු කරන ලෙසද වැඩිදුරටත් පැවසුවේය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ ඇති දිස්ත්‍රික්ක 25ම වූ ක්‍රියාන්විත මැදිරි සූදානම්ව ඇත. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම ආපදා තත්ත්වය හමුවේ විශේෂ මෙහෙයුම් මැදිරියේ  චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් ක්ෂණිකව දත්ත ලබාදිය යුතු පාර්ශවයන්ට ලබාදීම සිදුකරයි. මාධ්‍යය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා නාවික කටයුතු ආදී පාර්ශවයන් වෙත  කඩිනම් දත්ත ලබාදීමක් මෙහිදී සිදුවන අතරම පැය තුනකට වරක් ජනතාවට මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් නවතම තොරතුරු සම්පාදනය කරදෙයි.

    ඊයේ සහ පෙරේදා යන දිනයන්හි ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒක්ව ආපදාව පිළිබදව මෙන්ම ආපාවෙන් පසු ක්‍රියා කල යුතු ආකාරය සම්බන්ධව විහේෂ සැලසුමු සකස් කොට ජනතාව දැනුවත්  කිරීමටද කටයුතු කර ඇත. මෙම තත්ත්වය හමුවේ ක්‍රියා කිරීමට යුධ හමුදා සේනාංකයක් ස්ථානගතව ඇත. සියලුම දිසාපතිවරුන්ට ආපදාවෙන් පසු තත්ත්වයන් හමුවේ ක්‍රියා කිරීමට රුපියල්  මිලියනය බැගින් මුදල් ලබාදී ඇති අතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩලද අවශ්‍ය අවස්ථාවන්හිදී සිය සේවය ලබාදීමට සූදානම්ව ඇත.

    සෑම දිසුත්‍රික්කයක් තුළම ආපදා සහන මධ්‍යස්ථාන 50 - 60 අධික ප්‍රමාණයක් පිහිටුවා ඇති අතර අවදානම් ප්‍රදේශ වල සිටින ජනතාව ඒම මධ්‍යස්ථාන වෙත මේ වන විටත් පිටත් කරමින් සිටියි.  මෙම ස්වභාවික ආපදාව හමුවේ ජීවිතාරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදෙමින් මනා පෙර සූදානමකින්මෙලෙස සන්නද්දව ක්‍රියාකරන රාජ්‍ය යාන්ත්‍රණය හමුවේ නිසි විනය පටිපාටියකින් යුතුව ලබාදී  ඇති උපදෙස් අනූව බුද්ධිමත්ව කටයුතු කිරීම රටේ ජනතාවගේ ඉමහත් යුතුකමකි.

     

     වාර්තා කළේ- පූර්ණා නානායක්කාර

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya