අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ගම සමඟ පිළිසඳර" වැඩසටහන- "වැඩ සමඟ යළි ගමට"

    නොවැම්බර් 29, 2020

    "ගම සමඟ පිළිසඳර" වැඩසටහන තුළින් අයවැයෙන් ඉදිරිපත් කළ සංවර්ධන යෝජනා වඩාත් ඵලදායී ලෙස ගමට ගෙනයාමට "වැඩ සමඟ යළි ගමට" වැඩසටහන ඇරඹේ 

     

    "වැඩ සමඟ යළි ගමට" සංවර්ධන වැඩසටහන යටතේ අයවැය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව 2020.12.14 දින දකුණු පළාතෙන් ආරම්භ කෙරෙන බව ආර්ථික
    පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා එම අමාත්‍යංශවල ලේකම්වරුන්
    අතර කොළඹදී පැවති සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ 2021 අයවැය තනි
    පුද්ගලයකුගේ අයවැයක් නොවන අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයත් ප්‍රජා සංවිධානත් සමඟ දීර්ඝ කාලයක් සාකච්ඡා සිදුකර රටේ සංවර්ධනය සහ අනාගතය සම්බන්ධයෙන් නිවැරදි තීන්දු
    රැසක් ගනු ලැබූ අයවැයක් බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා -

    මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා ගම් මට්ටමින් ජනතාව වෙත ගෙනයාම සිදු කළ යුතුයි. 2021 අයවැය සකස් කිරීමේදී ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මඟින්
    ජනතාවගේ අදහස් විමසමින් සකස් කළ මෙම අයවැය ගෙවුණු වසර හැත්තෑවටම ඉදිරිපත් වූ සැබෑ ජනතාවාදී අයවැයක්.
    ගමේ අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමට ඉදිරිපත් කළ, ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ අනුමැතියෙන් අමාත්‍යාංශ කරා ගෙන එන විධිමත් පටිපාටියක් සකස් කර එය ලේඛනගත කොට සමාජගත
    කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් එම කාර්ය නොපමාව සිදුකර ජනාධිපති කාර්ය සාධන බලකාය දෙසැම්බර් 14 දින සිට 19 දින දක්වා පළාත් මට්ටමින් පවත්වන රැස්වීම්වලදී නිලධාරින්,
    දේශපාලන අධිකාරිය හා මහජනතාව දැනුවත් කිරීම සඳහා අපේක්ෂා කරන බැවින් එම පටිපාටින් නොපමාව සකස් කර කාර්ය සාධන බලකායට ඉදිරිපත් කරන ලෙස මෙහිදී බැසිල් රාජපක්ෂ
    මහතා නිලධාරින්ට උපදෙස් දෙන ලදි.
    ඇතැම් පිරිස් ‍අපේ ආර්ථිකය කඩාවැටෙයි කියලා හිතුවා. පසුගිය රජය ආර්ථිකය විනාශ කළා කිව්වට මෙතරම් විනාශ කරලා ඇති කියලා අපි හිතුවේ නැහැ. ඒ වගේම තමයි කොවිඩ් 19
    වසංගතයත් සමග අපේ ආර්ථිකය කඩාවැටෙයි කියලා සමහර දේශපාලඥයින් හිතුවා. 2021 වසර තමයි අපේ ආර්ථිකය කොයි අතට ගමන් කරනවාද කියලා තිරණය කරන්නේ. කිසිම
    අමාත්‍යංශයකට අඩුවැඩි වශයෙන් කාර්යභාරයන් වෙන්කරලා නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ අමාත්‍යංශ සඳහා අපි ප්‍රමුඛතාවය ලබාදෙනවා. රාජ්‍ය අමාත්‍යංශ මේ වන විට කොටස්
    4කට බෙදිලා ගම් මට්ටමෙන් ක්‍රියා කරනවා.
    මේක තමයි අපේ පළවෙනි අයවැය. ජනාධිපතිවරයා පත්වුණාට පසුව අපිට මීට පෙර අයවැයක් ඉදිරිපත් කරන්න හැකි වුණේ නැහැ. මේ අයවැයට මහජන නියෝජිතයින්ගේ සහය ලැබිලා
    තිබෙන නිසා ජනතාවගේ අවධානයටත් යොමුකළ යුතුයි.
    සමාජ මාධ්‍ය මඟින් විශාල ප්‍රහාරයක් එල්ල කරනවා අපි කරන වැඩ වලට. සම්පූර්ණයෙන්ම වැරදි පින්තූරයක් තමයි ජනතාවට පෙන්වන්නේ. පරිසරයට හිතකර දෙයක් කළත් ඔවුන් කියන්නේ
    පරිසරය විනාශ කරනවා කියලා. මේ තත්ත්වය අප වෙනස් කළ යුතුයි. අයවැය තුළ තිබෙන නව යොජනා ගැන ජනතාව දැනුවත් නැහැ. ඒ නිසා ඔවුන් දැනුවත් කිරීම වැදගත්.
    විදේශ ණය සහ ආධාර ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. පසුගිය රජය සෑහෙන්න ණය ගත්තා. ඒ නිසා අපිව දත්ත වාර්තා අතර විශාල ලෙස පහළට ඇද දැමුවා. සෘජු විදේශ
    ආයෝජන අවස්ථා අපේ රටට ලබාගැනීමට මෙවර අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. රජයක් හැටියට දේශපාලන ස්ථාවරත්වයක් අපිට තිබෙනවා. විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන
    විනිමයත් අපි අතහරින්න හොඳ නැහැ. විදේශ සංචාරකයින් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරලා ලබන වසර වන විට සංචාරක කර්මාන්තය නැවත තිබුණ තත්ත්වයටම ගෙන
    එන්න කටයුතු කරනවා. විදේශ සංචාරක අංශයෙන් ආයෝජන අවස්ථා ලබාගන්නත් අපි කටයුතු කරනවා.
    මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya