අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට

    නොවැම්බර් 23, 2020

    2021 වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අද (23) සිට ආරම්භ වෙයි.

    කාරක සභා අවස්ථාවේ දී විවාදයේ දී එක් එක් අමාත්‍යාංශ ද්පාර්තමේන්තු, සංස්ථා ආදී රාජ්‍ය අහ අර්ධ රාජ්‍ය ආයතන වැය ශීර්ෂ විවාදයේ දී සාකච්ඡාවට ලක් වෙයි.

    2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඒ අනුව පසුගිය 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි. දෙවැනිවර කියවීමේ විවාදය 21 දින සම්මත විය.

    අද සිට ඇරඹෙන කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය. එදින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙයි.

    අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ට රැස්වීම් ආරම්භ කර සවස 5.30 දක්වා පැවැත්වේ. නොවැම්බර් 18 වන දා සිට 20 දක්වා පෙරවරු 9.30 සිට 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම පැවැති අතර නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 වනදා දක්වා පෙරවරු 9.30 සිට 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමේ අවස්ථාව ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya