අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරටට ආධාර ලබා දෙන ජාත්‍යන්තර රටවල් කිසි විටකත් ශ්‍රී ලංකාව සමග අමනාපයක් නැහැ- අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    නොවැම්බර් 21, 2020

    බොරු කඩාකප්පල්කාරී මතයන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරමින් රටට ජාතික වශයෙන් අහිතකර ප්‍රකාශයන් සිදු කිරීම සඳහා විරුද්ධ පක්ෂය මෙම අයවැය විවාදය භාවිතා කළ බව සභානායක, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අයවැය දෙවනවර කියවීමේ අවසන් දිනය වූ අද දිනයේ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙරටට අධාර දෙන මැද පෙරදිග සහ ගල්ෆ් රටවල් ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බවත් මෙරටට ආධාර ලබා දෙන ජාත්‍යන්තර රටවල් කිසි විටකත් ශ්‍රී ලංකාව සමග අමනාපයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කොවිඩ් වසංගතයයට මුහුණ දීමේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග වඩාත් එකමුතුව කටයුතු කළ බවත් පැහැදිළි වැඩපිළිවෙළක් සහිතව සෞඛ්‍ය , ආරක්ෂක සහ රාජ්‍ය සේවාවන් එක්ව ගමේ සිට ඉහළට මෙම කොවිඩ් වැළැක්විමේ වැඩපිළිවෙල සාර්ථකව මෙහෙය වූ බවත් අමාත්‍යවරයා කීය.

    මෙම ක්‍රියාදාමයේ දී මිනිස් ජීවිත ආරක්ෂා කළ යුතු යැයි මතයේ සිටිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කටයතු කළ බවද සඳහන් කළේය.

    රට වෙනුවෙන් කළ යුතු උපරිමය ඉටු කිරීම සඳහා රජය කැප වෙන බව පැවසූ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලාංකිකයන් වශයෙන් මොනවද ලැබෙන්නේ නොවේ මොනවද කළ යුත්තේ යන අදහසින් මෙම අයවැයට සහාය දෙනනැයි ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya