අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාව සෑම විටම නිවෙස් වලට වී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන්න

    නොවැම්බර් 13, 2020

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් මෝදර, ගල්කිස්ස ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් අද (13) දිනයේ දී ද පැවැත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

    මෙම විශේෂ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්යය බළකා විහිදුම් සාමාජිකයින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වූ අතර මෙම මෙහෙයුමේ දී පුද්ගලයින් 07 දෙනකු පමණ මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    හුදෙකලා කරන ලද මෝදර වැනි ප්‍රදේශය තුළ දී මෙම පුද්ගලයින් විසින් සංචරණ සීමා උල්ලංඝණය කර ඇති හෙයින් ඉදිරියේ දී නිරෝධායන සහ රෝග ව්‍යාප්තිය වැළක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට
    බලාපොරොත්තු වෙන බවත්, හුදෙකලා කරන ලද ප්‍රදේශ වල සිටින ජනතාව සෑම විටම තම නිවෙස් වලට වී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
    ඒ අනුව, මෙම මෙහෙයුම  තවදුරටත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya