අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන මාසයේ මන්නාරමේ පළමු සුළං බලාගාරය විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති විප්ලවය අරඹනවා- අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    නොවැම්බර් 13, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු ධූර කාලයේ දෙවන වසර ඉක්මවීමට ප්‍රථම ඒනම් 2021 නොවැම්බර් 16 දිනට පෙර ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 100% ක් බවට පත්කිරීම නියතයක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා පොළොන්නරුවේදී පැවසීය.

    ‌පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවිම පිළිබද කාර්ය සාධක කමිටුවේ රැස්වීමට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මෙම රැස්වීම පොළොන්නරුව දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ...

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් විදුලිය නොමැති පවුල් සංඛ්‍යව 1359 ක් සිටිනවා. වත්මන් ආණ්ඩුව විසින් විදුලිය සලකන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසින්. ඒ නිසා ඈත  දුෂ්කර කඳු මුදුන් මත නිවෙස් තනා ජීවත්වන පුරවැසියන් වෙත ප්‍රධාන ජාලයට ලගාවිය නොහැකිනම්, එවැනි අතිදුෂ්කර ප්‍රදේශයන් වෙත සූර්ය බලයෙන් හෝ විදුලිය ලබාදීමට විදුලිබල  අමාත්‍යාංශය කැපවී කටයුතු කරනවා.

    ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය කළහැකි ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිට ඒ සඳහා යොදාගෙන ඇති බැවින්, විදුලි උත්පාදනය වෙනුවෙන් විකල්ප මූලාශ්‍ර සෙවීමට සිදුවී ඇතිබවත්, එහිදී  මිල අවම මෙන්ම පරිසර හානියෙන් තොර මාධ්‍යයන් වෙත යෙමුවීම වැදගත් බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. එවැනි මිල අවම , පරිසර දූෂණයෙන් තොර, අඛණ්ඩ මෙන්ම  ගුණාත්මක විදුලි සැපයුමක් වෙනුවෙන් මේ වනවිට ශ්‍රී ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවි ඇති බව පැවසූ විදුලිබල අමාත්‍ය ඩලස්  අලහප්පෙරම මහතා, අතිගරු ජනධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා, වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමට  කටයුතු කරන බවත් පැවසීය.

    එමෙන්ම ජලය, සුළඟ සහ හිරු ප්‍රමුඛව පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය කිරීමේ ප්‍රධාන විභවයන් බවට පත්කර ගැනීම 2030 වනවිට යතාර්ථයක් බවට පත්කරගන්නා  බව පැහැදිළි කළ විදුලිබල අමාත්‍යවරයා, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මේ වනවිට සූර්ය බලයෙන් විදුලිය ලබාගන්නා ප්‍රමාණය නිවාස 193 ක් වීම කණගාටුවට කරුණක් බවද, සූර්ය කිරණ  වඩාත් ශක්තිමත් කලාපයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්ක යේ එම සංඛ්‍යාව අවම වශයෙන් 2021 අවසන් වනවිට නිවාස 3000 ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගන්නා බවද පෙන්වා  දුන්නේය.

    ලබන මස මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පළමු සුළං බලාගාරය මන්නාරමේ විවෘත කිරිමෙන් බලශක්ති විප්ලවයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කිරීමට කටයුතු කරන බවත්, රටක් වශයෙන් ඩීසල්  කෙරෙහි දක්වන අසීමිත ඇල්ම වෙනුවට ස්වභාව ධර්මයට ප්‍රේම කිරීමට ශ්‍රී ලාංකික විදුලිබල ක්ෂේත්‍රය යොමු කරන බවත් මෙහිදී විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය  කළේය.

    මෙම අවස්ථාවට, ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ බතික් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, යන අමාත්‍යවරුන් ඇතුළු  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya