මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ඇදිරි නීතිය අද ඉවතට- ප්‍රදේශ කීපයක් තවමත් හුදකලා වෙයි

    නොවැම්බර් 09, 2020

    කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මෙතෙක් ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය අද (09) පෙ.ව 5.00 සිට ඉවත් කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඒ අනුව නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. තවද නිරෝධායන නීතිය ක්‍රියාත්මක වන බැවින් එම නීති කඩ නොකර කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මහජනතාවගෙන් ඉල්ලා තිබේ. නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද ප්‍රදේශ කීයයක් ම තවදුරටත් හුදකලා තත්ත්වයේ ම පවතී.

    ඒවා පහත පරිදි වෙයි:
    තවදුරටත් ක්‍රියාත්මක හුදකලා ප්‍රදේශ-කොළඹ දිස්ත්‍රික්කය- පොලිස් බලප්‍රදේශ- මට්ටක්කුලිය,මෝදර,
    බ්ලුමැන්ඩල්,කොටහේන,ග්‍රෑන්ඩ්පාස්,මාළිගාවත්ත,දෙමටගොඩ,වැල්ලම්පිටිය,කෙසෙල්වත්ත,බොරැල්ල,වෙරළබඩ පොලීසිය, ආදුරුප්පු වීදිය,
    ගම්පහ දිස්ත්‍රික්කය- පොලිස් බල ප්‍රදේශ- වත්තල,පෑලියගොඩ,කඩවත,රාගම,මීගමුව,පමුණුව,ජා-ඇල,සපුගස්කන්ද
    කළුතර දිස්ත්‍රික්කය- පොලිස් බල ප්‍රදේශ- හොරණ,ඉංගිරිය,වෑකඩ බටහිර ග්‍රාම නිලධරී වසම:
    කුරුණෑගල/කෑගල්ල දිස්ත්‍රික්කය-පොලිස් බල ප්‍රදේශ-කුරුණෑගල නගර සීමාව, කුලියාපිටිය/මාවනැල්ල,රුවන්වැල්ල

    කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන තවදුරටත් නිවාස යෝජනා ක්‍රම කීපයක සංචරණය සීමා කර තිබේ.

    ඒ අනුව,මෙත්සඳ සෙවණ,මිහිජය සෙවණ,මෝදර රන්මිණ සෙවණ,සිරිසඳ උයන දෙමටගොඩ,මාළිගාවත්ත එන්.එච්.එස්.නිවාස යන නිවාස යෝජනා ක්‍රමවල ජීවත්වන ජනතාව සිය සංචරණ  සීමා කරන ලෙස ද දන්වා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya