අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ස්වෛරීභාවයට කිසිඳු ලෙසක හානි සිදු වන වෙළඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කෙරෙන්නේ නැහැ - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    ඔක්තෝබර් 27, 2020

    මෙරට අපනයන වල විශාලතම ගැණුම්කරුවා වන්නේ ඇමරිකාව වන අතර එය මේ වන විටත් එලෙසම ක්‍රියාත්මක වන බවත්, එවැනි ගිවිසුම් සහ අවබෝධතා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, රටට හිතකර එහෙත් රටේ ස්වෛරීභාවයට කිසිඳු ලෙසක හානියක් වන වෙළඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා නොකෙරෙන බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවසීය.

    අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය පිලිබඳව සහ මෙහි දී ඇති කරනු ලබන ද්විපාර්ශ්වික එකඟතා පිළිබඳව මාධ්‍යවේදියකු නැගු ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේය.


    මෙරට වෙළඳ ශේෂය සම්බන්ධව ගත් විට රටවල් ගණනාවකින් අපනයන සම්බන්ධයෙන් අවාසිදායක තත්වයක් තිබුණ ද, එක්සත් ජනපදයත් සමඟ තිබෙන වෙළඳ ශේෂය සම්බන්ධව සතුටට පත්විය හැකි බවත්, එය තවදුරටත් වැඩි කර ගැනීමට මෙමඟින් උත්සාහ කරන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.


    එමෙන්ම, ද්විපාර්ශ්වික ගිවිසුම් සහ එකඟතාවයන් පදනම් වන්නේම බොහෝදුරට රටේ ආර්ථික, සමාජීය වැඩපිළිවෙලවල් සඳහා පමණක් මිස වෙනත් කිසිඳු දෙයකට නොවන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් තහවුරු කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya