අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා පුළුල් කීරිමට පියවර

    ඔක්තෝබර් 19, 2020

    කියුබාව හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික සංස්කෘතික, සෞඛ්‍යය යන අංශයන්හි ද්වීපාර්ශ්වීය සබඳතා පුළුල් කීරිම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන බව හාවානා හි ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක මහතා කියුබානු ජනාධිපති එම්.එම්.ඩී. කැනෙල් බර්මුඩෙස් මහතාට සහතික විය.

    හාවානාහි නව තාතනාපති ලෙස පත් වූ රත්නායක මහතා ඒ පිළිබඳ අක්ත පත්‍ර බාර දීම සඳහා කියුබානු ජනාධිපති හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා ජනාධිපති හා අගමැතිගේ සුබ පැතුම් පණිවිඩද හාවානා ජනාධිපතිවරයාට බාර දුන් රත්නායක මහතා, කොවිඩ්-19 වසංගත සමයේදී හයිටි හි සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ගේ සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් කියුබානු වෛද්‍ය කණ්ඩායමක් යෙදවීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පිරිනැමීය. හාවානා හි පලාසියෝ ඩි ලා රෙවොලූෂන්හිදී පැවැති මෙම අක්තපත්‍ර බාර දීමේ අවස්ථාවේ දී එරට ජනාධිපති අරක්ෂක බල ඇණියේ චාරිත්‍රානුකූල පිළිගැනිමක්ද සිදු විය.

    මෙම අවස්ථාවට කියුබානු රජයේ විදේශ අමාත්‍ය බෲනෝ රොද්‍රිගුයේස් පර්රිල්ලා මහතාද සහභාගී විය. ලක්ෂිත රත්නායක මහතා හාවානාහි තානාපති වීමට පෙර විදේශ අමාත්‍යාංශයේ වත්කම් කළමනාකරණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya