අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් 19 වෛරසයට එරෙහිව නව ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධයක්

    ඔක්තෝබර් 12, 2020

    කොවිඩ් - 19 වෛරසයට එරෙහිව නව ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධයක් ‘සුව ධරණි‘ නමින් මහජනතාවට හඳුන්වාදීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයෙන් අද දින (12) සිදු කෙරිණ.

    දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඖෂධය වෙළදපොළට හදුන්වාදීම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණ. 

    කොත්තමල්ලි, වෙනිවැල්ගැට, හීන් අරත්ත, වියළි ඉගුරු අඩංගුව නිෂ්පාදනය කර ඇති මෙම ඖෂධය පානයෙන් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය වර්ධනය නිරන්තරයෙන් සිදු වන බව ඇමැතිවරයා එහිදී පැවැසුවේය.
    කොවිඩ් - 19 ආසාදිතයින්ට මෙම පානය ලබාදීමට පසුගිය කාලයේ පියවර ගත් අතර ආසාදිතයින්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වී රෝගයට ඔරොත්තු දෙන සෞඛ්‍ය සම්පන්නභාවයක් ඔවුන්ගේ සිරුරු තුළ ඇති වූ බවත් නිරෝධායනය වෙමින් සිටි ත්‍රිවිධ හමුදාව ඇතුළු රෝගීන්ට මෙම ඖෂධය ලබාදීම සිදු කරන බවට නිල වශයෙන් ප්‍රකාශ නොවුණත් පසුගිය කාලයේ දිගින් දිගටම සිදු කළ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
    ස්වාභාවික ඖෂධයන්ගෙන් මෙම ඖෂධීය පානය සකස් කිරීම සිදු කරන අතර කිසිදු අතුරු ආබාධයක් කිසිවෙකුටත් නොවැළ‍දෙන බවත් කිසිදු බියකින් තොරව ඕනෑම අයෙකු හට මෙම ඖෂධය භාවිතා කළ හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය.
    දැනට කොරෝනා වෛරසයට ව්‍යාප්තව පවතින අවදානම් කලාපවල පුද්ගලයින්ට මෙම ඖෂධීය පානය ලබාදීමක් සිදු කරන්නේ යැයි ද, මෙම ඖෂධීය පානයෙන් ආසාදිතයින් සුවපත් වීමක් සිදු වුවත් ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණයක් මෙතෙක් සිදු කර නොමැති යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
    මෙම අවස්ථාවට විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චතුර කුමාරතුංග, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාගලා අබේසිංහ මහත්ම මහත්මීහු සහභාගි වූහ.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya