අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාගයට පැමිණෙන සිසුන්ට කිසිඳු ගැටලුවකින් තොරව විභාග මධ්‍යස්ථාන කරා යාමට බස් සේවයක්- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

    ඔක්තෝබර් 11, 2020

    විභාගයට පැමිණෙන සිසුන්ට කිසිඳු ගැටලුවකින් තොරව විභාග මධ්‍යස්ථාන කරා යාමට විෂබිජාණුහරණය කරන ලද බස්රථ ලබා දීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ
    නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ.එච්.පණ්ඩුක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී කියා සිටියේය.


    නිරෝධායන ඇදිරිනීතිය පවතින ප්‍රදේශ වල සිටින එහෙත් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල තම විභාග කටයුතු කරන දරුවන් වෙනුවෙන් මෙලෙස බස්රථ විශේෂ වැඩපිළිවෙලකට අනුව ධාවනය කෙරෙන අතර එකී බස් රථ දරුවන්ගේ විභාගය ආරම්භ කිරීමට පැයකට පෙර විභාග ශාලාව වෙත යා හැකි වන පරිදි ධාවනය කෙරෙන බවත්, මෙම බස්රථ සියල්ල විෂබීජහරණයකට ලක් කරන බවත්, දරුවන් සියල්ල මුඛ ආවරණ සහිතව බස්රථ වල ගමන් කළ යුතු වන අතර සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය කළ යුතු වන බවත් මෙහි දී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya