අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස තම විභාග ප්‍රවේශ පත්‍රය භාවිතා කිරීමට අවසර

    ඔක්තෝබර් 11, 2020

    5 වසර ශිෂ්‍යත්ව විභාගය හා 12 වනදායින් ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා සහභාගී වන දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ තුළ පදිංචි සිසුන්ට තම විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස තම විභාග ප්‍රවේශ පත්‍රය භාවිතා කිරීමට අවසර ලබා දෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

     ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විශේෂයෙන් සඳහන් කර සිටියේ විභාග අයදුම්කරු සමග තවත් ඒක් භාරකරුවෙකුට පමනක් ගමන් කිරීමට අවසර හිමිවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විශේෂයෙන් සඳහන්කර සිටියේ ය

    මීට අමතරව, විභාග කාල සීමව තුලදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බල ප්‍රදේශ හරහා ගමන් ගන්නා දුම්රිය හා බස් රථ සඳහා ඒම බල ප්‍රදේශ වල පිහිටි දුම්රිය ස්ථාන වල හා බස් නැවතුම්පළයන්හි නතර කිරීමට අවසර ලැබෙන බවත් සිටියේ ය.

    ඒහෙත් ඒම බස් රථ හා දුම්රිය වලට ගොඩවිය හැක්කේ විභාගය සඳහා ගමන් ගන්නා සිසු දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ට පමණක් බවත්, දුම්රිය හා බස් රථ ඇඳිරිනීතිය පවත්නා ප්‍රදේශයන්හි නැවැත්වීමට අවසර ලබා දෙන්නේ විභාගය සඳහා ගමන් ගන්නා සිසුන්ට විභාග මධ්‍යස්ථානය වෙත ගමන් ගැනීමට හා නැවත නිවෙස් බලා පැමිණීමට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සැපයීමට පමණක් බව ද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya