අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණයක.

    ඔක්තෝබර් 10, 2020

    අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (10) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    ජයවර්ධනපුර රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් වැඩිදියුණූ කරමින්, උසස් මට්ටමකට ගෙනඒමට කටයුතු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී අමාත්‍යවරිය රෝහලේ වාට්ටුවෙන් වාට්ටුවට යමින් එහි තත්ත්වයන් නිරීක්ෂණය කරන ලදි.

    මෙම නිරීක්ෂණ චාරිකාවේ දී රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුලු පරිපාලන නිලධාරින් සමග රෝහල් පරිපාලනය පිළිබද පවතින ගැටළු, රෝහල් කාර්ය මණ්ඩල ගැටළු, වෘත්තීය සමිති ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරිය සාකච්ඡා කරන ලදි. තවදුරටත් මෙම රෝහලින් ලබාදෙන සේවාවන් ඉහළ මට්ටමකට ගෙනඒමට නමි රෝහලේ ආරම්භයේ සිට මේ දක්වා පැවැති ක්‍රමවේදයන් සහ පරිපාලන කාර්ය පටිපාටියන් වෙනස් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය නිරික්ෂණය කරන ලද අතර, ඒ සදහා නව වැඩපිළිවෙළක් සහිතව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රෝහල් පරිපාලනයට සහ අදාල නිලධාරින්ට උපදෙස් දෙන ලදි.

    මෙම නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, රෝහලේ සභාපති වෛද්‍ය එස්.ඩී ජයරත්න මහතා, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා සහ ප්‍රධාන හෙද නිලධාරිනිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya