නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන වලට අනුකූලව පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය හෙට

    ඔක්තෝබර් 10, 2020

    සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන වලට අනුකූලව පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය හෙට ඉරිදා (11) දින පැවැත් වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබේ.

     

    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936ක දී මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර, සිසුන් 331,694 දෙනෙක් විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත ය. මේ අතර සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 248,072ක් ද දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 83,622ක් ද සිටිති.

    ශිෂ්‍යත්ව විභාගය මීට පෙරද කල් දැමූ බැවින් දරුවන් අපහසුතාවට පත් නොකර සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් පිළිපදිමින් විභාගය පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස විභාගයට පෙනී සිටීමට නියමිත සියලු ම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇති අතර ඒ අනුව අදාළ විභාගය පැවැත්වීමට පෙර සියලු ම සිසුන් තම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ https://info.moe.gov.lkවෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

    මෙම පෝරමය පිරවීම දරුවන්ගේ භාරකරුවන් විසින් සිදුකළ යුතු බවත් එමගින් දරුවාගේ දිනපතා සෞඛ්‍ය තත්ත්වය, රෝගයක් පවතිනවා නම් ඒ පිිළිබඳවද පෝරමයට ලැබෙන තොරතුරු මත විභාග ශාලා බලධාරීන්ට යම් අදහසක් දැන ගැනීමේ හැකියාව පවතින බවද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේ මහතා සඳහන් කරයි. දරුවන්ට යම් රෝගී තත්ත්වයක් පවතිනවා නම් සෞඛ්‍ය අංශ හරහා ඔවුන්ගේ නිවාසවලට ගොස් පසු විපරම් කිරීමේ හැකියාව පවතින බවද ලේකම්වරයා සඳහන් කරයි.

     

    ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් එදින උදෑසන 9.00 වන විට විභාග ශාලාවේ වාඩි කළ යුතු අතර , එහෙත් පවත්නා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

     

     

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලු ම විභාග අපේක්ෂකයින් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වලමගින් අනුමත කරන ලද ජාතික ශිෂ්‍ය අනන්‍යතාව ද දක්වා තිබේ.විභාගයට පෙනී සිටින දරුවන් තම විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳය යුතු බවද විභාග කොමසාරිස්වරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya