නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි කලාප ඉඩම් හෙක්ටයාර් දසදහසක බඩඉරිඟු වගාකිරීම ආරම්භ කෙරේ

    ඔක්තෝබර් 09, 2020

    මහවැලි කලාප,ඉඩම් හෙක්ටයාර් 10,000 ක, බඩඉරිඟු වගාකිරීමේ වැඩසටහන මහවැලි L කලාපයට අයත් වැලිඔය ප්‍රදේශයෙන් ආරම්භ විය.

    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ විය.

    මහවැලි L කලාපයට අයත් වැලිඔය, ඇතාවැටුණවැව, නිකවැව ප්‍රදේශයේ දී, අක්කර තුන්දහසක (3000) බඩඉරිඟු වගා කිරීම මෙලෙස සංකේතාත්මකව ආරම්භ කෙරිණි.
    මෙම ඔක්තෝබර් මාසය තුළ පමණක් මහවැලි කලාපයන්හි අක්කර 15,000 ක, බඩඉරිඟු වගා කෙරේ. මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 500,000 ක්, පමණ වේ. එම අවශ්‍යතාවයෙන් අඩක්එ නම් මෙට්‍රික් ටොන් 250,000 රට තුළ නිෂ්පාදනය කෙරේ. තවත් මෙට්‍රික් ටොන් 250,000 ආනයනය කෙරෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 3000 ක් පමණ වේ. මීට විකල්පයක් ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, පෙන්වා දී ඇත්තේ මෙරටට අවශ්‍ය බඩඉරිඟු , රට තුළම නිෂ්පාදනය කර ගන්නා ලෙසයි. ඒ අනුව මහවැලි කලාප 10, තුළ හෙක්ටයාර් 10000 ක, ( අක්කර 25,000) බඩඉරිඟු වගාකිරීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සඳහන් කළේය.

    මහවැලි අධිකාරිය ට අයත්, කෘෂි ඉඩම් ගොවි ජනතාව සඳහා සහන බදු පදනමක් යටතේ, බෙදා හැර මෙරට බඩඉරිඟු අවශ්‍යතාව, රට තුළම නිෂ්පාදනය කර ගැනීම   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ අපේක්ෂාව වී තිබේ.


    මේ සඳහා අවශ්‍ය බීජ වෙනුවෙන් වැයවන මුදලින් අඩක් , මහවැලි අධිකාරිය විසින් දරනු ලබන, අතර බඩඉරිඟු අස්වැන්න මිල දී ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනේ. මේ වන විට බඩඉරිඟු ඇට කිලෝ 01 ක් වෙළඳ පොළේ රුපියල් 90/ ට ගොවීන් ගෙන් මිලට ගැනේ. මෙරට වගා කළ හැකි, අත්‍යාවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය වර්ග 16 ක්, ආනයනය අත්හිටුවීමට පියවර ගෙන තිබෙන අතර, බඩඉරිඟු ද , එම ආහාර ද්‍රව්‍ය අතරට අයත් වේ. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා කියා සිටියේ බඩඉරිඟු වගාවට අමතරව , මහවැලි කලාප කෘෂි ඉඩම් තුළ, වෙනත් ආහාර ද්‍රව්‍ය වගා කිරීමට ද, ප්‍රමුඛ තාවය ලබා දී ඇතිබවයි.

    මෙම අවස්ථාව ට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් එස් පෙරේරා, මහවැලි කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ, මහවැලි L කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු ආර්. එම්. කේ.බී රන්දෙණිය යන මහත්වරු , සහ මහවැලි L කලාපයේ ගොවි ජනතාව එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya