උතුරු නැගෙනහිර පාසල්වල පවත්නා ගුරු හිඟය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශය මුළු දිවයිනටම සේවය කිරිම සඳහා බැඳී සිටින බවත් ඉදිරියේදී යාපනය ,කිලිනොච්චි ඇතුළු ප්‍රදේශ වල සංචාරය කර තමා මේ පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.