අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
බලශක්ති විවිධාංගිකරණය යටතේ ස්වාභාවික ද්‍රව වායු බලාගාර හදුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. 2007 සිටම මේ පිළිබඳව සාකච්ඡා කරතිබෙනවා. එහෙත් ක්‍රියාත්මක වුණේ නෑ. අප එල්.එන්.ජී. බලාගාර පද්ධතියට එකතු කරන්න කටයුතු කරනවා.සති දෙකකට කලින් කැබිනට් අනුමැතිය ලබා ගත්තා.ඉදිරි වසර තුන තුළ මෙ.වො. 600ක් එල්.එන්.ජී. වලින් විදුලිබල පද්ධතියට එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා.
විදුලිය අපතේ යෑම සියයට 8%ත් 10%ත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය අඩු කරගැනීමට බලාපොරොත්තු වන බවත් කීය.මෙම පියවර යටතේ විදුලි බල මණ්ඩලයට ලාබයක් ලබාගැනීමට හැකියාව ඇතිවන බව විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කීය.