අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමෙන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලාගැනීමට කටයුතු කරන්නේදැයි විමසූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ,දැනටමත් ලොකු අය හිරේ සිටින බවත් පුද්ගලයන් හැටියට තොරතුරු තිබෙනවා නම් දන්වන ලෙසත් ඉල්ලා සිටියේ ය.
එමෙන් ම වතු ආශ්‍රිතව සිදු කෙරෙන බව කියන මහා පරිමාන මත් වතුර ජාවාරම් කරන්නන් බුද්ධි අංශ යොදවා සොයා බලන බවත් ඒ පිළිබඳව ද අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.