නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීමට වැලි ප්‍රවාහනයට නව ජංගම දුරකථන යෙදවුමක්

    ඔක්තෝබර් 08, 2020

    වැලි සැපයීමේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහා වැලි ප්‍රවාහනයට නව ජංගම දුරකථන යෙදවුමක් MOBILE APP හඳුන්වා දීමට යයි.

    වැලි ප්‍රවාහනයේ දී සිදුවන අක්‍රමිකතා නිසා වැලි මිල දී ගන්නා පාරිභෝගිකයින්හට ගුණාත්මකභාවයෙන් ඉහළ හා ප්‍රමාණාත්මකව වැලි නොලැබෙන බව පාරිභෝගිකයින් විසින් පරිසර අමාත්‍යාංශයට තම මැසිවිලි ඉදිරිපත් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    පසුගියදා (04) මනම්පිටිය වැලි මංකඩ නිරික්ෂණය සඳහා ඒ මහතා සහභාගි වු අතර එම අවස්ථාවේ දී වැලි ගොඩදමන කම්කරුවන්, වැලි ප්‍රවාහන රියදුරන් හා වැලි ටිපර් අයිතිකරුවන්ද හමු වී සාකච්ඡා කළේය.

    වැලි ප්‍රවාහනයේ දී දැනට පවතින ගැටලු අතර ප්‍රධාන වන්නේ අතරමැදියන් විසින් සිදු කරන අක්‍රමිකතා නිසා වැලි මිල දී ගන්නා පුද්ගලයින්ට ගුණාත්මකභාවයෙන් උසස් වැලි නොලැබීමත්, වැලි නියමිත ප්‍රමාණවලින් නොලැබීමත්බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම ගැටළු සහගත භාවය තුරන් කරලීම සඳහා සියලු දෙනාගේ ඉල්ලීම පරිදි වැලි මංකඩ ක්‍රමය යළි ආරම්භ කිරීමටත්, අතරමැදියන්ගෙන් තොරව වැලි ඝෘජුවම පාරිභෝගිකයින් අතට පත් කිරීම සඳහාත් නව ජංගම යෙදවුමක් (MOBILE APP) හඳුන්වා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    දැනට අප රටේ වැඩිපුරම ඉල්ලුමක් පවතින්නේ මනම්පිටිය වැලි සඳහාය.. එම වැලි ගොඩනැගිලි කර්මාන්තය සඳහා ඉතාමත් උචිත බැවින් ඒ සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇත. නමුත් ඇතැම් අතරමැදියන් විසින් මුහුදු වැලි වලට හෝ වෙනත් වැලි සමග මනම්පිටිය වැලි කවලම් කිරීම නිසා පාරිභෝගිකයින්හට ගුණාත්මක බවින් ඉහළ වැලි නොලැබෙන බව පෙනී ගොස් ඇත.

    හඳුන්වා දීමට යෝජිත නව ජංගම දුරකථන යෙදවුම මගින් වැලි ඇණවුම් කර දින දෙකක් හෝ තුනක් තුළ නිවසටම අවශ්‍ය වැලි ප්‍රවාහනය කර දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය. එමෙන්ම රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අවශ්‍යතා වලට මනම්පිටිය වැලි සැපයීමේ දී ප්‍රමුඛත්වය ලබා දෙන බව කී අමාත්‍යවරයා වැලි ප්‍රවාහනයේ දී එම කර්මාන්තයේ නියැළෙන පුද්ගලයින් හට දැනට උද්ගතව පවතින ගැටලු විසඳීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    මනම්පිටියේ සිට කොළඹට වැලි ප්‍රවාහණ ටිපර් රථ 700ක් පමණ දිනකට පැමිණෙන අතර ඇතැම් පුද්ගලයින් හට කප්පම් ගෙවීමට ද තමන්ට සිදුවී ඇතැයි වැලි ප්‍රවාහකයෝ අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. එක් වැලි ටිපර් රථයකින් මනම්පිටියේ සිට කොළඹ දක්වා ගමන් කරන විට එක් අයෙකුට රුපියල් 200 බැගින් අවස්ථා ගණනාවක දී තමන්ට කප්පම් ගෙවීමට සිදුවන බවත්, එමනිසා මාසයකට රුපියල් 1,20,000ක් පමණ එක් ටිපර් රථයකට අහිමි වන බවත් ඔවුහු සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya