නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර තඹුත්තේගම නගරයේ සිට දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ගය කාපට් කෙරේ

    ඔක්තෝබර් 08, 2020

    කිලෝ මීටර ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වත්මන් රජයේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර තඹුත්තේගම නගරයේ සිට දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ගය කිලෝ මීටරයක් දුර කාපට් ඇතිරීම සමාරම්භ කිරීමේ උත්සවය සූර්ය බළ, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.

    මෙම මාර්ගය කිලෝ මීටරයක් දුරට කාපට් අතුරා සංවර්ධනය කෙරෙන අතර, ඒ සඳහා රැපියල් මිලියන 33 ක මුදලක් වැය කෙරේ, මෙම මාර්ගය දුමින්ද දිසානායක අමාත්‍යයතුමන් කළ ඉල්ලීමක් අනුව ප්‍රථිසංස්කරණය කෙරේ.මෙම මාර්ගය හරහා ගල්නෑව තඹුත්තේගම ප්‍රධාන මාර්ගයටද ප්‍රවිශ්ඨ වීමේ හැකියාව පවතින අතර, දෛනිකව විශාල පිරිසක් මෙම මාර්ගය භාවිත කරනු ලබයි.වසර ගණනාවකින් ප්‍රථිසංස්කරණය නොවූ මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනතාව අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට ස්තූතිය පුද කළහ.
    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;


    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අවශ්‍යතාවය තියෙන්නේ පුද්ගලයින් දියුණු කරනවාට වඩා රටක් හදන්නයි අවශ්‍යතාව තියෙන්නේ, ඒ නිසා තමයි මාර්ග කිලෝ මීටර ලක්ෂයක් සංවර්ධනය කරනවා වගේම, රැකියා ලක්ෂයක් ලබා දීමත් ආරම්භ කලේ.රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියේදීත් අපිට ඡන්ද දුන්න අය බලාපොරොත්තු වෙනවා අපේ අය ලක්ෂයක් රැකියා ගත කරන්න.හැබැයි දැන් අපිට ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්ය වෙලා තියෙන්නේ දුප්පතුන් ලක්ෂයක් කොහොමද රාජ්‍යය සේවයට අරගෙන ඒ අයගේ පවුල් කොහොමද ශක්තිමත් කරන්නේ කියන එක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පය වෙලා තියෙන්නේ.ඒ නිසා දේශපාලන අධිකාරියේ සියලු දෙනාගෙනුත් අපිත් එකක ඉන්න සියලු දෙනාගෙනුත් ඉල්ලීමක් කරනවා දැන් අපි පොඩ්ඩකට දේශපාලනය පැත්තකින් තියලා, රට ගැන හිතලා, ගම ගැන හිතලා කොහොමද අපි රටක් විදිහට අපේ රට නගා සිටුවන්නේ, ගමක් විදිහට කොහොමද අපි නැගී සිටින්නේ කියලා හිතලා, ඒ සඳහා ව්‍යාපාරිකයෝ විදිහට කොහොමද රටට ශක්තිය ලබා දෙන්නේ, දුප්පත්කම අපි කොහොමද නැති කරන්නේ ඒ වගේම ලෝකය දියුණු වෙන කොට ඒ ලෝකයත් එක්ක අපි කොහොමද ඉස්සරහට යන්නේ කියන එකයි අපි කල්පනා කළ යුත්තේ.1948 න් පස්සේ ආණ්ඩු ගණනාවක් තිබ්බා, අවුරුදු 70 ක් ආණ්ඩු තිබුණා, ඒ ආණ්ඩු කරපු දේවල් ගැන අපි සෑහිමකට පත් වෙලා නෑනේ.ඒ නිසා ඉදිරි අවුරුදු කීපය තුළදීවත් රට දියුණු කරන්න කටයුතු කරමු යැයි පැවසීය.
    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, රාජ්‍ය නිළධාරීන්, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya