නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍යය සියලුම පියවර ගනිමින් සිටිනවා-අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    ඔක්තෝබර් 08, 2020

    කොවිඩ් ආශ්‍රිතයන් හදුනා ගනිමින් ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍යය සියලුම පියවර රජය ගනිමින් සිටින බවත් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාදක බලකාය දිනපතා රැස්වෙමින් ඒ සඳහා ගත යුතු තීන්දු තීරණ ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(7) පාර්ලිමෙන්තුවේ දී පැවසීය.

    ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ,ආර්ථික සේවා ගාස්තු සංශොධන පනත් කෙටුම්පත ,වරාය හා ගුවන්සේවා සංවර්ධන සංශොධන පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත දෙවන කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රට ව්‍යසනයට පත්ව ඇති මෙවන් මොහොතක දේශපාලන වාසි නොගන්නා ලෙස පැවසූ අමාත්‍යවරයා ආණ්ඩුවට මෙම වසංගතය පාලනය කිරීමේ හැකියාවක් පවතින බවත් ආ⁣ර්ථිකය කළමනාකරණය කරගනිමින් රට ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

    කඩා වැටුණු කෘෂිකර්මාන්තය ඉදිරි වසර තුළ නගා සිටුවන බව පැවසූ අමාත්‍යවරයා අල,ලූණු සහ කිරි වලින් රට ස්වයංපෝෂිත කරන බව පැවසීය .දඹුල්ලේ අක්කර 150ක භූමි ප්‍රමාණයක බීලූණු බීජ වගා කරන බව පැවසූ අමාත්‍යවරයා අල සහ මිරිස් බීජද වගා කිරිමට කටයුතු කරන බව පැවසීය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya