ඔහු මේ බව පැවසුවේ, අද (07) කොවිඩ් අවදානම හමුවේ ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවැත්වීම සම්බන්ධව රජයේ තීරණය සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
විභාග අප ඉදිරියට පැමිණ ඇති බවත්, සාමාන්‍ය එදිනෙදා ජනජීවිතයේ කටයුතු පසුපසට නොදා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය හෙයින් ඒ සදහා සෞඛ්‍ය අංශ විසින් සහයෝගය ලබාදෙන බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
විභාගය පැවැත්වීමේ දී ළමයින්ගේ මානසිකත්වය පිළිබදව ද විශේෂයෙන් සැළකිල්ලට ගනිමින් ඔවුන්ට අවශ්‍ය පරිදි විභාගය පැවැත්වීමට සෞඛ්‍ය අංශ එකගතාවය පළ කරන බවද, ජනතාව ඒකරාශී වන මෙවන් සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව එම කටයුතු සිදුකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ශ්වසන රෝගී තත්ත්වයක් ඇති අයෙකු වේ නම් ඔවුන්ට වෙනම ම විභාගය කිරීම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කරන අතර විභාගය පැවැත්වීමේ දී සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනූව දෑත් පිරිසිදු කිරීම ආදිය පිළිබදව සැළකිලිමත් වනවා සේම අනවශ්‍ය පරිදි ඒකරාශී නොවී සිටීමටද වගබලාගත යුතු බවද වැඩිදුරටත් පැවසුවේය.
එලෙස සියලු විධිවිධානයන්ට අනුකූලව විභාගය කිසිදු දවසකින් කල් නොදාමින් සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව කරගෙන යාමට සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය සහයෝගය ලබාදෙන අතරම මෙය කළ හැකි දෙයක් බවට විශ්වාස කරන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.