මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් අධිකරණ ඇමති හමු වෙයි

    ඔක්තෝබර් 07, 2020

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් Tan Yang Thai, මහතා අතර හමුවක් පැවති අතර දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අදහස් හුවමාරු විය.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මැලේසියානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත් වත්මන් රජය ගෙන යන සංවර්ධන කටයුතු සදහා මැලේසියාවේ සහාය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

    අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සදහා වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බවත් මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට උපරිම සහයෝගය පළ කරන බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya