කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා රථගාල් 08 ක් ඉදිකිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. එහි ප්‍රථම අදියර (06) වැනි දින කොළඹ කොටුව ලේක්හවුස් ආයතනය පසුපස පිහිටි ටෙලිකොම් රථගාල ඉදිකිරීමෙන් ආරම්භ කෙරිණු අතර මෙම ව්‍යාපෘතියට වැය වන මුදල රුපියල් මිලියන 1,113 කි. එම මුදල නාගරික සංවර්ධන අධිකාරියේ වැය කිරීම විශේෂත්වයක් වන අතර රාජ්‍ය ආයතනයන් මඟින් ඉදිකරනු ලබන ප්‍රථම බහුවිධ රථගාල මෙය වේ.
මහල් 10 කින් සමන්විත වර්ග අඩි 18,444 කින් යුත් එම ගොඩනැගිල්ල තුළ වාහන 252 ක් නවතා තැබීමට පහසුකම් හැක.
වර්ග අඩි 2,015 ක් වන බිම් මහලෙහි (Ground Floor&) විශාල ප්‍රමාණයේ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත අතර වර්ග අඩි 2,540 ක් වන පළවෙනි සහ දෙවෙනි මහල් කොළඹ කොටුව පොලිස් ස්ථානයට ලබා දීමට නියමිතයි.
තුන්වන මහලේ සිට නවවන මහල දක්වා වාහන නවතා තැබීමට හැකි වන අතර දසවන මහලේ නිවාස 07 ක් ඉදිකිරීමට ද යෝජිත වේ.
මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ මෙමඟින් කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට හැකි වන බවයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ (06) දින කොළඹ ලේක්හවුස් ආයතනය පසුපස පිහිටි ටෙලිකොම් රථගාලෙහි පැවති යෝජිත වාහන රථගාල ඉදිකිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
තවද “2013 වසරේ දී මේ කටයුතු සැලසුම් කර තිබුණ ද ගතවූ වසර 05 තුළ මේ කටයුතු ආරම්භ කර නොමැති බැවින් මෙය ප්‍රමාද වූ ව්‍යාපෘතියක් වේ. මෙය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරමින් අවසන් කිරීමට සියළු කටයුතු දැනටමත් සූදානම් කර ඇත. වසර 04 ක් ඇතුළත මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන රථගාල ඉදිකිරීමේ කටයුතු අවසන් කරනවා. මේ යන එන වාහනවලට සහ මේ වටේ තියෙන ගොඩනැගිලිවලට පැමිණෙන වාහනවලට නවතා තැබීමේ පහසුකම් නොමැතිවීම නිසා විශාල වාහන තදබදයක් ඇති වෙනවා. දිවයින පුරා වාහන රථගාල් 12 ක් ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා වගේම ඒවායෙන් 08 ක්ම කොළඹ නගරය තුළ සහ ඉතිරි රථගාල් 04 කොළඹින් පිට ඉදිකිරීමත් මෙහි විශේෂත්වයක්. අවුරුදු 3 ක් 4 ක් යනවිට මේ වාහන තදබදය නැති කිරීම අපගේ අරමුණයි.” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන අතර ප්‍රථම අදියරේ ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු වශයෙන් ඇක්සස් ඉංජිනියරින් (Access Engineering) සමාගම කටයුතු කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා සහ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම රථගාල ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිතයි.