නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් නිසා බිඳ වැටුනු සංචාරක කර්මාන්තයට තවදුරටත් රජයෙන් ආධාර

    ඔක්තෝබර් 06, 2020

    කොවිඩ්-19 (COVID-19) වසංගත තත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ නියැළී සිට ජීවනෝපාය අහිමි වූවන් සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 186ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.


    මෙමගින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියපදිංචි වී ඇති සංචාරක මාර්ගොපදේශකයින් සහ සංචාරක රියදුරන් සඳහා සහන ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි පියවර ගෙන ඇත.
    ඒ අනුව, 2020.08.31 දිනට සහන සඳහා ඉල්ලුම් කර ඇති, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ හෝ වෙනත් සංචාරක සංගම් විසින් පුහුණු කරන ලද සංචාරක රියදුරන්/සංචාරක බස්රථ රියදුරන් සහ සහායකයින්/ටුක්-ටුක් ත්‍රීවීල් රථ රියදුරන් සහ සෆාරි රථ රියිදුරන් සඳහා එක් අයෙකුට එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 15,000/- සහන මුදලක් ලබා දෙයි.
    මෙම පුද්ගල කණ්ඩායම් වෙත සහන ලබා දීම පිණිස සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ. මීට අමතරව, පළාත් සභා විසින් පුහුණු කරන ලද සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක මඟ පෙන්වන්නන් සඳහා එක් අයෙකුට එක්වරක් පමනක් ගෙවනු ලබන රුපියල් 20,000/-ක මුදලක්ද ලබා
    දෙනු ලැබේ. මෙම පුද්ගල කණ්ඩායම් වෙත සහන ලබා දීම පිණිස සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya