අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ,අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තීරණාත්මක බවත්,මේ සම්බන්ධයෙන් ගතයුතු තින්දු තීරණ ගැනීමට, ඒ පරික්ෂණවල ප්‍රතිඵල අනුව සිදු වන බවත් අමාත්‍යවරයා කීය.
කෙසේ වුව ද මේ වන විට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තොබර් මස 11 දිනත්,අපොස (උ.පෙළ) විභාගය ඔක්තෝබර් 12 දිනටත්,පවැතිවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ (C ID) ස්ථාන මාරු කිරිම සඳහා කිසිදු දේශපාලන බලපැමක් නොමැති බවත්, එය පරිපාලන තින්දුවක් බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
පසුගිය කාලයේ සිදු වු ආකාරය පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම හෝ අත්තනෝමතිකව නිදහස් කිරිම බලය දේශපාලඥයින් අතට පත් කිරිමට සුදානම් නොමැති බවත්, එය නිසි පරික්ෂණයකින් පසුව අදාළ බලධාරින් විසින් නීත්‍යානුකූලව ඉටු කරනු ඇති බවත් අමාත්‍යවරයා කීය.
එසේම එම ස්ථාන මාරුව පරිපාලමය තින්දුවක් බවත්,ඊට දේශපාලඥයින් සම්බන්ධ නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.