නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුපොල් වගා සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණයක්- අමාත්‍ය රමේෂ් පතිරණ

    ඔක්තෝබර් 06, 2020

    දැනට වගා කර ඇති කටුපොල් වගා සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(6) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කටුපොල් වගාව සම්බන්ධයෙන් විපක්ෂය නගන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැවිලි අමාත්‍යංශය කටු පොල් වගා කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපත්‍රයක් නිකුත් නොකරන බවත්

    දැනට වගාකර ඇති කටු පොල් වගා සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු තීන්දු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් සඳහන් කළ අමාත්‍යවරයා එම නඩු තීන්දු අවසන් වූ විගසම මෙම ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන අමාත්‍යවරයා කීය.

    ඉදිරියේදී එම කටුපොල් වගා කළ ඉඩම් වල පොල්, රබර් වැනි අපනයන භෝග ප්‍රවර්ධනය කරන ලෙස එම ආයතන වලට උපදෙස් දී ඇති බවත් එවිට එම ආයතනයන්ගේ සේවක ගැටළු සඳහාද එමගින් විසඳුමක් ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya