නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ප්‍රවාහන ඇමති හමුවෙයි

    ඔක්තෝබර් 06, 2020

    එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය හා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතර හමුවක් ( 05) දින ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන මගීන් කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගතයුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග හා සමාජ දුරස්ථභාවය රැක ගැනීම කෙරෙහි උනන්දු කරවීමේ තිබෙන වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා සහ සිංගර් මහත්මිය අතර සාකච්ඡා විය.

    වසර 2030 වන විට තිරසාර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථිකයෙහි වර්ධනය සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කරන බැවින් ඒ සඳහා තම සංවිධානයෙන් ලබාදිය යුතු සහාය ලබා දීමට කටයුතු කරන බවත් සිංගර් මහත්මිය පැවසුවාය.

    තවදුරටත් අදහස් දැක්වූ ඇය පොදු ප්‍රවාහන සේවා නවීකරණය හා පරිසර හිතකාමී සුවපහසු සේවාවක් සැපයීමට හැකිවන පරිදි මාර්ග අනතුරු අවමකර, ආරක්ෂාකාරී පහසුකම් ජනතාවට සැපයීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබා දිය හැකි සහාය ලබා දීමටත් අපේක්ෂා කරන බවත් පැවසීය. එසේම පොදු ප්‍රවාහන සේවා භාවිතයේදි විශේෂයෙන්ම කාන්තාවන් හිංසනයට ලක්වීම කෙරෙහිද සිය අවධානය යොමු කළාය.

    මෙහිදී අදහස් දැක්වූ ගාමිණී ලොකුගේ මැතිතුමන් බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය අපේක්ෂා කරන බවත් පවසා සිටියේය.

     

    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාතික වැඩසටහන් හා ප්‍රතිපත්ති විශ්ලේෂක ශාරිතා කුරේ මහත්මිය හා ප්‍රවාහන අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් තුෂාර පෙරේරා යන මහත්වරුන්ද සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya