අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්තියේ කේන්ද්‍රස්ථානයක් ලෙස මන්නාරම තෝරා ගැනීම ගැන තුති පුදයි

    ඔක්තෝබර් 05, 2020

    පුනර්ජනනීය බලශක්තියේ කේන්ද්‍රස්ථානයක් ලෙස මන්නාරම නගරය තෝරා ගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කරන බව මන්නාරම අගරදගුරු ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා පැවසීය.

    මන්නාරම අගරදගුරු ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා සමඟ මන්නාරමේ අගරදගුරු නිල නිවසේදී සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැති සාකච්ඡාවකදී අගරදගුරුතුමන් මේ බව සඳහන් කළේය.

    මන්නාරම ඉදි වෙමින් පවතින සුළං බලාගාරය සම්බන්ධයෙන් අගරදගුරුතුමන් දැනුම්වත් කළ අමාත්‍යයතුමන්, මන්නාරම පුනර්ජනනීය බලශක්තියේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව පැවසීය.ඒ අනුව මන්නාරමට ඉතා නුදුරින්ම පිහිටි ඉන්දියාවටද විදුලිය ලබා දීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්හ.

    පුනර්ජනනීය බලශක්තියේ කේන්ද්‍රස්ථානයක් ලෙස මන්නාරම නගරය තෝරා ගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කරන බව මන්නාරම අගරදගුරු ෆෙටලිස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා පැවසීය.

    එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කතෝලික ජනතාවට සිදුවූ විපත පිළිබඳව සිය කණගාටුව පළකිරීමට අමාත්‍යවරයා කටයුතු කළ අතර, වත්මන් රජය මගින් සිදු කරන පරීක්ෂණ හරහා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නිසි දඩුවම් ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya