වැඩිදුරටත් අදහස්ද දැක් වු අමාත්‍යවරයා පැවසුවේ , වනාතවිල්ලුව සහ ආනවිලුන්දාව පරිසර හානිය බලන්න මම එහි ගියා.ආනවිලුන්දාවේ අක්කර 3000කට වඩා කඩොලාන සිටුවීමට අපි තීරණය කර තිබෙනවා. දැනටමත් පරිසර සන්විධාන රැසක් එම කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒවගේම වනාතවිල්ලුවේ විශාල පරිසර හානියක් සිදු කර තිබෙනවා. මම ඒ ආයතනයට දැඩිව අවවාද කළා.ඒ වගේම කපා දැමූ ගස් වෙනුවට නව ගස් 10,000කට වඩා රෝපණය කිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා.
සමාජ මාධ්‍ය තුළ පරිසර හානි කිරීම් පිළිබදව දක්වන කරුනු නිවැරදි නැහැ.අතිශයෝක්තියෙන් තමයි දක්වා තිබෙන්නේ. ඇතැම් පුද්ගලයින් තුළ තවමත් පරිසරය සුරැකීම පිළිබඳව අවබෝධයක් නැහැ.ගහකොළ සතා සීපාවා කියන්නේ ස්වාභාවික සම්පත්. ඒවා විනාශ කරන අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා යැයි ද ඇමැතිවරයා සඳහන් කළේ ය.