නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ලංකාගම “රෝහල කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශවාසි ජනතාවගේ සෞඛ්‍ය නැංවීමේ විශේෂ වැඩසටහන් ඇරඹේ

    ඔක්තෝබර් 04, 2020

    ජනපති උපදෙස් අනුව නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “ලංකාගම “කේන්ද්‍ර කරගත් ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන කටයුතු කඩිනමින් ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙයි.

    මේ යටතේ රෝහලේ මානව සම්පත් සංවර්ධනය හා අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම ප්‍රජාව වෙතම ගොස් සේවා සැපයීම වෙනුවෙන් මූලික සාකච්ජාව මේ වන විට ඇරඹී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියයි.

    අති දුෂ්කර ප්‍රදේශයක් වන ලංකාගම ජනතාව වෙනුවෙන් ව්‍යාපෘතිය යටතේ සේවා ලබාදීම කඩිනමින් අරඹන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාටත් , තමාටත් පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවති වැඩසටහනක් අවසානයේ දී උපදෙස් ලබාදුන් බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා අනාවරණ කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya