ශ්‍රී ලංකාවේ වත්මන් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ පාසල් සිසුවාගේ කාර්යභාරය යන මාතෘකාව යටතේ මෙන්ම සමාජ මාධ්‍ය සහ එහි නව ප්‍රවනතා සහ අභියෝග යන මැයෙන් මෙම වැඩමුළුවේදී දේශන පැවැත්වෙනු ඇත. මීට සමගාමීව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් සුවිශේෂී වැඩසටහන් රැසක් අද දිනයේ ක්‍රියාත්මක වෙයි.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමන්, තැපැල් හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්තුමන්, දිස්ත්‍රික් ලේකම්තුමන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තුමන් මේ අවස්ථාවට එක්වෙයි. ඉන් අනතුරුව අමාත්‍යවරුන් විසින් විසින් සංකේතාත්මකව සිසුන් වෙත සහතික පත්‍ර ලබාදීම සිදු වෙයි.
පෙරවරු 11.30 සිට 12.45 දක්වා යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් සුහද හමුවක් පැවැත්වීමටද නියමිතය.
පස්වරු 12.45 සිට 01 දක්වා අමාත්‍යතුමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් විසින් යාපනය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කරනු ඇත. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ රාජ්‍ය අමාත්‍ය වියලේන්ද්‍රන් මහතා යාපනයේ පිහිටි ලේක්හවුස් ආයතනයෙහි නිරීක්ෂණ චාරිකාව සිදු කිරීමට නියමිතය.