මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත්කරන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි

    ඔක්තෝබර් 01, 2020

    සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒ්කාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා  ( 30 පස්වරුවේ) පැවැසීය.


    සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.


    මෙම හමුවේදී සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා, දේශපාලන බලපෑම්මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නවතා දමා සුදුසුකම් සැපිරූ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරු ලබා දෙන්නැයි උපදෙස් දුන්නේය.


    ඒ් අනුව ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යතුමා පැවැසීය.


    මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කළුතන්ත්‍රි, සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ්.බෝදරගම, සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ සභාපති එල්.ඩී විජේසේකර, ශ්‍රී ලංකා නිදහස් සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති කේ.පී.එස්.පතිරණ, ප්‍රධාන සුරාබදු පරීක්ෂක හා සුරාබදු පරීක්ෂක සංගමයේ ප්‍රධාන සභාපති නිමල්සිරි හේමන්ත, සුරාබදු පරීක්ෂක සංගමයේ ප්‍රධාන ලේකම් තිස්ස රාජපක්ෂ, ශ්‍රී ලංකා උපාධිධාරී සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සභාපති චින්තක උඩ පමුණුව මහත්වරු ඇතුළු සුරාබදු වෘත්තීය සමිති නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya