නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවන වියදම පිළිබඳව පත් කළ අමාත්‍ය‍මණ්ඩල අනුකමිටුව රැස්වීමට නියමිතයි- අමාත්‍ය උදය ගම්මන්පිල

    සැප්තැම්බර් 30, 2020

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූ ආර්ථික විනාශයත් සමග මුළු ලෝකයේම සමස්ත වියදම ඉහළ යමින් පවතින් බවත් රජයක් වශයෙන් මේ සඳහා කළ යුත්තේ කුමක්ද සහ මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ගේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජීවන වියදම පිළිබඳව පත් කළ අමාත්‍ය‍මණ්ඩල අනුකමිටුව රැස් වන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

    මේ දින වල පොල් සහ සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන්(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල අමාත්‍යවරයා පැවසුවේ, පොල් මිල ඇතුළු ජීවන වියදම් පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී දීර්ග ලෙස සාකච්ඡා කළ බවත් ජීවන වියදම පිළිබඳව පත් කළ අමාත්‍ය‍මණ්ඩල අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සතිය තුළ දී රැස් වන බවත් එහි දී මේ සම්බන්ධව ඉදිරි පියවර ගන්නා බවය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya